මෙහිදී පොලිසියෙන් බේරීමට කාන්තාවක් සිදුකර ඇත්තේ නිලධාරියකුගෙ උරහිස
සපාකෑමකි.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පොලිස් නිලධාරියකුගේ උරහිස සපාකා තුවාල සිදුකර පලායෑමට තැත් කිරීමේ වරදට එම කාන්තාව හා ඇගේ සැමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන පරිදි සිද්ධිය මෙසේය. මොනරාගල පොලිසියේ රථවාහන අංශයේ
පස්වරු 5.45 ට පමණ මොනරාගල දෙසින් පැමිණි කැබ්ථයකට නතර කරන ලෙස සංඥාවක් දී ඇතත් නතර නොකොට ඉදිරියට ගොස් ඇත.
ඒ පසුපස රාජකාරී යතුරුපැදියෙන් ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා මාර්ගය හරස් කොට කැබ් රථය නතරකර තිබේ.
මාර්ග නීතිරීති කඩකරමින් කැබ් රථය ධාවනය කළ බව පොලිස් නිලධාරීන් රියැදුරුට දැනුම් දී දඩ කොළයක් නිකුත් කරන බව පවසා ඇත. ඒ අවස්ථාවේදී රියැදුරු රිය පණගන්වා ඉදිරියට යෑමට උත්සාහ කිරීමේදී එක් පොලිස් නිලධාරියකු කැබ් රථයට ගොඩ වී තිබේ.
එහි සිටි රියෑදුරුගේ බිරිඳ පොලිස් නිලධාරියාගේ උරහිස සපා කා ඇති අතර කැබ් රථය ඉදිරියට ගොස් තිබේ. පසුව පොලිස් නිලධාරීන් කැබ් රථයත් එහි රියැදුරුත් බිරිඳත් කැබ් රථයේ සිටි ළමයින් තිදෙනකුත් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය විසින් උරහිස සපා කෑමෙන් තුවාල සිදුවූ මොනරාගල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් (78131) සඳරුවන් යන අය මේ වන විට මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
අම්පාර උහන නුවරපාරේ පදිංචි කැබ් රථයේ රියැදුරු සහ ඔහුගේ බිරිඳ ඊයේ (30 වැනිදා) මොනරාගල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක වේහිත දේශප‍්‍රිය මහතා පරීක්ෂණ පවත්වයි.
-බඩල්කුඹුර රවිඳු ගුණතිලක-