ඒ අනුව මතභේදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනුවටත් වඩා එම වංචාව විශාල බව ඔහු සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ මහපොළ අරමුදල යටතේ පැවැති මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ඉන් ඉවත් කිරීමේදී (භාරකාර සමාගමට පැවරීමේදී) රුපියල් මිලියන 20,000කට අධික අලාභයක් සිදුව ඇති බවයි.
එම ආයතනයේ පැවැති සමස්ත වත්කම්වල වටිනාකම රුපියල් මිලියන 20,000කට වැඩි අගයක් තිබුණද, භාරකාර සමාගමට පැවරීමේදී මහපොළට ලැබුණේ රුපියල් මිලියන 408ක් පමණක් බවද ඔහු කීය.
මීට අමතරව විගණන වාර්තා අනුව ආයතනය පවරාදීමෙන් රුපියල් මිලියන 1645ක පාඩුවක්, සමාගම්
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට වඩා දින 100 ඊට වඩා ලොකු වංචාවක් වුණා මහපොළ භාරකාර අරමුදලට.
මහපොළ ලලිත් ඇතුළත්මුදලි මහතා හැඳුවේ දුප්පත් ළමයින්ට පහසුකම් දෙන්නයි. එතුමා මේකට ආරක්ෂණ වැඩපිළිවෙලක් ලෙස අගවිනිසුරු මේකේ සභාපති කරන්න පනතක් ගෙනවා.
මහපොළ සම්බන්ධව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනියගේ කාලේ ඉතාමත්ම හොඳ පියවරක් ගත්තා මාලඹේ අක්කර 20ක් මහපොළට දීලා හැදුවා විශ්වවිදලායක් (මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය)ඒකෙන් ලැබන ආදායම මහපොළ අරමුදලට ගෙනල්ලා ළමයින්ට දෙන පහසුකම් වැඩිකරන්නයි බලාපොරෙත්තුවුණේ.
ඒහි පාලන අධිකාරියේ සිටියේ රජයේ නිලධාරීන්. විශ්වවිද්‍යාලය සාර්ථකව කරගෙන ගියා. ඒයින් රජයේ නිලධාරීන් ශුක්ෂම ලෙස ඉවත් කළා. දැන් ඒකේ භාරකාර සමාගමක් තිබෙනවා ඒකේ ඉන්නේ ඒම ආයතනයේ කටයුතු කරපු දෙශකයන් කිහිප දෙනෙක් තමයි එහි අධ්යක්ෂවරු කරලා තියෙන්නේ.
මේ ආණ්ඩුව ජනවාරි මාසයේදී ආවට පස්සේ මැයි මාසේ 12 දා මාලඹේ විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්මපවරනවා මහපොලේ අයිතිය අතහැරලා. අපි හෙව්වා මහපොළ භාරකාර මණ්ඩලය කොහෙද මේ වගේ තීරණයක් අරගෙන තිබෙන්නේ කියලා. එහෙම යෝජනාවක් සම්මත කරලා තිබුණේ නෑ. සියලු නිලධාරීන් ගෙන්නලා ඇහුවා එහෙම එකක් නෑ.
පවරන්නේ රුපියල් මිලියන 408කට. ඊට අමතරව ඉඩම තබාගෙන කුලිය ලබාගැනීමේ අයිතිය පමණක් තබා ගත්තා. ඒකට අවුරුද්දටම මහපොළට ලැබෙන්නේ රුපියල් මිලියන 20යි.
ප්‍රශ්ණය තිබෙන්නේ මේ විකුණපු වත්කම් වල වටිනාකමයි. මම එවක කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කළා එහි වටිනාකම මිලියන 20000කට වැඩියි. ඒ කියන්නේ බිලියන 20ක්. මහ බැංකු බැඳුම්කරයෙ වංචාව බිලියන 10ක් කියලනේ කියන්නේ. ස්ලිට් එකේ බිලියන 20යි. මහපොළට මේ මුදල් නැතිව ගියා.
මහපොළට දැන් තිබේනේ බිලියන 20යි. කිසිය ආදායමක් නෑ පොලිය විතරයි. මහපොළට එන්න තිබුණ ආදායමයි නැති කළේ. මිලියන 20000ක් මිලියන 408කට විකුණුවා.
මේ ගැන විගණන වාර්තාවක් තිබෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාරතාවෙන් කියනවා මහපොල භාර අරමුදලට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ තිබුණ අධිකාරිය හා රුපියල් මිලියන 1645 ප්රතිලාභ අහිමිවීම ගැන භාරකරුවන් වැරදිකරුවන් බව නිගයමනය කරමි.
මේ රුපියල් මිලියන 1645 කියන්නේ ඒ ආයතනය නිර්මාණය කිරීමේදී පොතේ තිබුණ වටිනාකමයි. දැන් මෙහි වටිනාකම රුපියල් මිලියන 20000කට වැඩියි. ඒවට සාක්ෂි තිබෙනවා. මම මේ ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළා. ” යැයි පැවැසීය.
රුවන් කාශ්‍යප (අද)