සිද්ධියට සම්බන්ධ බව කියන තරුණයින් දෙදෙනා හා ඔවුන්ට අනුබල දුන් තවත් තරුණයින් තිදෙනකු ද සමග එම අවස්ථාවේදීම පොලිස් දැලට හසුකරගෙන ඇත.
දෙබත්ගම පල්ලේබාගේ පදිංචි බව කියන පැහැරගැනීමට ලක්වූ සිසුවිය ප්‍රදේශයේ පාසලක දොළොස්වන ශ්‍රේණියේ
ස්ථානාධිපතිවරයා ඇතළු නිළධාරින් පිරිසක් ඇයව රඳවා සිටි නිවස වටලා එම තරුණයින් දෙදෙනා සහ ඔවුන්ට අනුබල දුන් බව කියන පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තරුණයින් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇත. පාසල් සිසුවිය පැහැරගෙන යෑමට මුල් වූ තරුණයා එම සිසුවිය සමග පෙම් සබැඳියාවක් ඇතිකර ගැනීමට උස්සාහ දරා ඇතත් ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙලෙස බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බවද මේ සම්බන්ධයෙන් පැවැත්වූ පොලිස් විමර්ශනයේදී අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් පස්දෙනා මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඉදිරිපත්කරන ලදුව ඇප මත මුදාහැර ඇත.
අරණායක පොලිසියේ අධිකරණ කටයුතු භාර පොලිස් සැරයන් 28671 කොඩිතුවක්කු මහතා විසින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.