සහෝදරයෙක් හා මීට පෙර අශ්වයන්ගේ පරිප්පු ජනතාවට කවා සිරගත වූ ජාවාරම්කරුවකුගේ බෑනා කෙනෙක්ද සිටින බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අනාවරණය කළේය.
සමරසිංහ මහතා පැවැසුවේ අදාළ ජාවාරම්කරුවන් ඉන්දියාවේ සුපිරි හෝටල් මෙන්ම කොළඹ 07 පිහිටි ඉඩම් හා නිවාස පවා මිලදී ගෙන ඇතැයි වාර්තා වන බවයි.
කරුංකා සිද්ධිය හරහා ලංකාවේ කරාබු හා ගම්මිරිස් නිෂ්පාදනයද බරපතළ අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි. මෙකී ජාවාරම හරහා රටට කෝටි ගණනක් අහිමි කළ ජාවාරම්කරුවන්ගේ සියලු තොරතුරු ඉදිරියේදී හෙළි කරන බවද ඔහු වැඩිදුරටත් කීය.
-අනුරාධා හේරත්-