ලෝකයේම අවධානය දිනාගනිමින් පසුගිය වසරේ අගෝස්තු මස ජපානයේ ටෝකියෝ රෝහලේ උපන් ග්‍රෑම් 268ක් තරම් සැහැල්ලු බරක් ඇති දරුවා මාස 5 ක ඇවෑමෙන් කිලෝග්රෑම් 3.2 ක සාමාන්‍ය තත්වයට වර්ධනය කර ජීවිත අවදානමක් නැතිව නිරෝගීව ගෙදරයාමට හැකිවූ බව විදෙස් පුවත් අනාවරණය කරයි.

කලල වර්ධනයේ සති 24 (මාස 6) පමණ අඩු කාලයකදී

පසුගිය වසරේ අගෝස්තු මස මෙම දරුවාගේ උපත හදිසි සිසේරියන් සැත්කමකින් සිදුකර තිබුනේ වෛද්‍ය පරීක්ෂණ අනුව මෙම දරුවාගේ වර්ධනය ඇණහිට ඇති බවට ලැබුණ සංඥා නිසාය. අනතුරුව පසුගිය මාස ගණනාවේම දරුවා රෝහලේ කෘත්‍රිම පහසුකම් මැද වර්ධනය වීමට ඉඩ සලසා තිබුණි.

ඉපැදෙන විට තනි අත්ලක තබාගතහැකි තරම් කුඩාවූ මෙම දරුවා මාස 5 ක ඇවෑමෙන් පෙබරවාරි 20 වනදා රෝහලෙන් නිදහස් කරන විට කිලෝග්රෑම් 3.2 සාමාන්‍ය වැඩුණු තත්වයට පත්ව තිබූ අතර මව්කිරි ලබාගැනීමද නිසි ලෙස සිදු කරමින් සිටි බව  වෛද්‍ය තකෂි අරිතිසූ දන්වා තිබේ.


මින් ඉහත මේ හා සමාන අඩු බර දරු උපතක්2015 ජර්මනියේ වාර්තාවී තිබූ අතර ඒ දරුවා ග්‍රෑම් 252 ක් විය. එනමුත් එම ජීවිතය නිරුපද්‍රිතවූයේ නැත.
අඩුම බරකින් උපත ලබා ජීවිතය සුරක්ෂිත කරගත් දරුවා ලෙස මෙම ජපන් බිළිඳා වාර්තා පොතට ඇතුළත්ව තිබේ. මෙය නූතන වෛද්‍ය දියුණුවේ හාස්කමක් ලෙස විදෙස් වාර්තා සඳහන් කර තිබේ.