ලක්‍ෂ දෙකක් ලබාගත් බව කියන එම තරුණයා පෙර්දා (23) කෑගල්ල පොලිසියේදී වරද භාරගෙන මුදල්වලින් කොටසක් තරුණයාගේ මව ගෙවා ඇතැයි කියන සිද්ධියක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වේ. මෙලස මුදල් ආපසු ගෙවා ඇත්තේ කෑගල්ල පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. සිද්ධියට අදාළ තරුණයාගේ මවගේ වයස අවුරුදු 50කි.
මෙම තරුණයා දැනට රජයේ රැකියාවක් කරන අතර මීට වසර දෙකකට පමණ ඉහතදී අවිස්සාවේල්ලේ පදිංචි 50 හැවිරිදි වැන්දඹු කාන්තාවක් දුරකථනයෙන් හදුනාගෙන තිබිණි. ඇයට වයස අවුරුදු 24ක දියණියක්
පසුව තරුණයාට මුදල් හා රන් භාණ්ඩ ආපසු ලබාදීමට අපොහොසත් වී තිබිණි. පසුව තරුණයා මෙම කාන්තාවට ප්‍රකාශ කර ඇත්තේ තමාට මසකට රුපියල් 10,000 බැගින් ලබාදෙන ලෙසත්ය. ලබා නොදෙන්නේ නම් අඹු සැමියන් ලෙස හැසිරුණු වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවත් තරුණයා ප්‍රකාශ කර ඇත. එයට බය වී මේ වන විට රුපියල් ලක්‍ෂ 2කට ආසන්න මුදලක් හා රන් පවුම් දෙකක්ද දී ඇති බව පොලිසිය කියයි. ඉකුත් බ්‍රහස්පතින්දා (21දා) මෙම කාත්තාව තරුණයාට සිය දියණියගේ රන් මාලයද කෑගල්ල නගරයට ගෙනත්දී තවත් තරුණියක සමඟ කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණ ඇත.
පසුව කාන්තාවගේ පැමිණිල්ල සටහන් කරගත් පොලිසිය පසුව තරුණයා හා කාන්තාව පෙරේදා (23දා) කෑගල්ල මූලස්ථානය වෙත කැඳවා තිබිණි. තරුණයා තම මව සමඟ පැමිණ සිටි අතර එම කාන්තාව ඥාතිවරියක් සමඟ පැමිණ සිටියාය. පැමිණිල්ල විභාගයට ගත් කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් පරික්ෂක සිල්වා මහතා ඉදිරියේදී තරුණයා කර තිබූ වරද භාරගෙන මව එහිදී මුදල්වලින් කොටසක්ද කාන්තාවට ලබාදීමට කටයුතු කළාය. තරුණයාගේ මව එහිදී සිය පිරිමි දරුවා පිළිබඳව විස්මයට පත්වී ඇති අතර ඉතිරි මුදල් අද (25දා) තරුණයා කාත්තාවට කෑගල්ල පොලිසියේදී ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු දෙපාර්ශ්වයම පොලිසියෙන් පිටව ගොස් ඇත.
-චමින්ද ජයලත්-