පෙබරවාරි 2 සෙනසුරාදාය.
දැනට වාර්තාවන ආකාරයට ක්‍රිස්තු පූර්ව 323ත්, 30ත් අතර කාලයට අයත් Ptolemaic යුගයට යයි අනුමාන කෙරෙන මෙම මමි අතරින් 12ක් කුඩා ළමුන්ගේ බව විශ්වාස කෙරෙයි.
Tuna el-Gebel නමැති දකුණු කයිරෝ නුවර මින්යාහි පුරා විද්‍යා ගවේෂණ පරිශ්‍රයේ මීටර 9 ත් 4 ත් වන හතරැස් ඉඩක මේවා වළදමා තිබී හමුවී ඇත. මෙම මමී ඉතා හොඳ මට්ටමේ පවතින බවත් කාගේ ඒවාදැයි තවම අධ්‍යයන මට්ටමේ පවතින බවත් පුරා විද්‍යාඥයින් සඳහන් කර තිබේ.
මෙම මමී සමග හමුවූ මැටි භාණ්ඩ කොටස් අධ්‍යයනය කිරීමේදී මධ්‍යම පාන්තික හෝ ඉහළ ප්‍රභූ ජීවිතයක් ගත කළ පවුලක පිරිසකට අයත් මමි මෙහි තැන්පත් කර ඇති බවට එක් මතයකින් දැක්වේ. සමහර මමී ඔතා තිබුනේ ලිනන් රෙදි වලිනි. ඇතැම්වා ලී පෙට්ටිවලත් ඇතැම්වා ගල් පතුරු පෙට්ටිවලත් රඳවා තිබුණි.
මමි තිබුණ සොහොන් ගුහාව හා යාවුණ සැඟවුණු ගල් පඩි පෙළක් වෙත ගමන් කර ඇති අතර, එය කන්දකින් කෙළවර වෙත සොරොව්වකටද කුටි ගණනාවක් සහිත සෘජුකෝණාශ්‍රකාර කුටියක් වෙතද යාවී තිබී ඇත.
ගවේෂණ මෙහෙයවනු ලබන්නෙ ඊජිප්තුවේ මින්යා සරසවියේ පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමයි. පසුගිය මාස කිහිපය තුළ කැනීම් කටයුතුවල සාර්ථකත්වය දක්වමින් ඔවුන් මෙම සොයාගැනීම 2 සෙනසුරාදා ලෝකය හමුවේ තැබුවේි රටවල් 40 කට අධික නියෝජිතයින් එම ස්ථානයට කැඳවා විශේෂ මාධ්‍ය හමුවක් හා ප්‍රදර්ශනය කිරීමක් පවත්වමිනි.
මෙම සොයාගැනීම ගැන තවදුරටත් ගවේෂණ සිදු කෙරේ.