විදේශීය විශ්වවිද්‍යාල හෝ උපාධි පිරිනමන ආයතනවලට අනුබද්ධව මෙරට තුළ එම පාඨමාලා පවත්වාගෙන යන විදේශීය අධ්‍යාපන ආයතන ලියාපදිංචි කිරීමට සහ නියාමනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර
තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ

ප්‍රධානත්වයෙන් පෙරේදා (26) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ඇත. දේශීය හා විදේශීය සිසුන් මෙරටදී හදාරන උපාධි පාඨමාලා ආයතන මෙරට ක්‍රියාත්මක කිරීම සුදුසුද යන්න හඳුනා ගැනීමක් හෝ නියාමනයක් සිදු නොවන බැවින් අදාළ තීරණය ගෙන තිබේ.

මේ වනවිට අගනුවර හා තදාසන්න නගරවල විවිධ රටවල විශ්වවිද්‍යාලවලට අනුබද්ධ ලංකාවේදී හැදෑරිය හැකි පාඨමාලා මෙන්ම  අධ්‍යාපනික වීසා සපයා විදේශගතවී හැදෑරිය හැකි පාඨමාලා පවත්වන ආයතන බුරුතු පිටින් බිහිව තිබීමත්

ඒවායේ ගුණාත්මක තත්වය ගැන මහජන පැමිණිලි දිනපතා ලැබීමත් මත රජය මෙම තීරණය ගෙන තිබේ.