මෙම පහරදීම කර ඇත්තේ හිරු රූපවාහිනි නාළිකාවේ
මේ දිනවල විකාශය වන 'හිරු ස්ටාර්' නමැති ගී තරු තේරීමේ තරගාවලියේ පෙරේදා (23දා) රාත්‍රි පැවැති තරගයෙන් ඉවත් වීමට සිදුවූ දිවුලපිටියෙන් පැමිණි තිවංක දිල්ෂාන් නමැති තරගකරුවෙකුගේ ආධාර කරුවන්ය.
මෙදින තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළේ ෂිහාන් මිහිරංග,නිරෝෂා විරාජිනී
තිවංක පරාජයට පත්වන ගීතයට සිය අදහස් එක්කරද්දී රූකාන්ත ගුණතිලක පවසා තිබුනේ ‘ඔබේ ඔලුවෙ තිබුනෙ අමිල ලකුණු ගත්ත එක විතරයි. ගීතය කියද්දි වෙවුලුවා. හරියට කියන්න ඕනකමක් තිබුනෙත් නෑ‘ ආදී ලෙස විවේචනයකි.
මෙම විවේචනයට ප්‍රතිචාර දක්වමින්ද තිවංක අදහස් පළ කර තිබුණි.
මෙම තරගය පවත්වන අවස්ථාවට තිවංකගේ දිවුල පිටියේ ආධාරකරුවන් විශාල පිරිසක්ද පැමිණි බව එම වැඩසටහන අතරතුර දර්ශන වලින් පෙන්නුම් කළ අතර පරාජයේ වේදනාවෙන් සිටි ඔවුන් තම කෝපය විනිසුරුවෙත එල්ල කර තිබුනේ තරගය අවසන්වූ පසු කාර් පාර්ක් එකේදීය.
ආධාරකරුවන් පිරිස රූකාන්ත ගුණතිලක මහතා ඔහුගේ මෝටර් රථයට
තමාට හා තම මෝටර් රථයට පහරදීමක් සිදු කළ බව පවසමින් රූකාන්ත මත්තේගොඩ පොලිසියට පැමිණිල්ලක් කර .තිබුනේ ඉන් පසුය.
බොරලැස්ගමුව රත්තනපිටිය අංක 97 දරන ස්ථානයේ පෙරේදා (23දා) රාත්‍රි රාත්‍රි 9.45ට පමණ මෙම පහරදීම සිදුකර ඇතැයි සටහන් කර ඇත.
පහර කෑමෙන් රූකාන්ත ගුණතිලක මහතාගේ සිරුරේ ස්ථාන කිහිපයක තැළීම් දක්නට ලැබුණු බවද පොලිසිය පවසයි. සිදුවීම පිළිබඳ පරීක්ෂණ අරඹා ඇත.