රත්ගමදී තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කෘෘර වධහිංසාවට ලක්කොට ඝාතනය කොට පුලුස්සා දැමීමේ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා, රැඳවූ ගාල්ල බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු, නිශාන්තගේ
ඥාති සහෝදරයකු වීම නිසා මෙම ඝාතන සිද්ධිය හෙළිදරව් කළ උප පොලිස් පරීක්ෂකවරයාට බන්ධනාගාරය තුළදී බලපෑම් ඇති වීමේ ඉඩකඩක් පවතින බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ඉහත කී පොලිස් පරීක්ෂකවරයා සමඟ එකම සිරමැදිරියක් තුළ මේ වන විට රඳවා ඇති බවත් එම නිසා ඉදිරි විමර්ශන සඳහා එය බාධාවක් වීමට ඉඩකඩ පවතින බවත් එම ආරංචි මාර්ගයන් කියා සිටි. උප පොලිස් පරීක්ෂකවරයාගේ සාක්ෂි මත මෙම අබිරහස් ඝාතනය හෙළිදරව් කර ගැනීමට රහස් පොලිසියට හැකි විය. මීට අමතරව රත්ගමදී පෙරේදා (23දා) විරෝධතාව අතර ඝාතනයට ලක්වූ අයකුගේ මවකගේ ජංගම දුරකථනයට කතා කොට කප්පම් මුදල් ඉල්ලා ඇත්තේද බන්ධනාගාරයක රඳවා සිටින සැකකරුවකු විසින් බවට පොලිසිය සැක පළ කරයි.
අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනා සිටිනා බවත් ඔවුන් යළි එවීමට
මෙම විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 15 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කළ අතර එම ස්ථාන මාරු ලබාදීමට එම නිලධාරීන් සොයන අවස්ථාවේ ඔවුන් සේවයට වාර්තා කර නොමැති බවත් අනාවරණය වී ඇත.මෙම නිලධාරීන් පස්දෙනා ඇතුළු එහි ස්ථානාධිපතිවරයාට අද (25දා) දින රහස් පොලිසිය හමුවේ පෙනී සිටීමටද දන්වා ඇති අතර ඔවුන් අද දින ඒ සඳහා පැමිණියේ නැති නම් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවද උසස් නිලධාරියා සඳහන් කළේය.
මේ අතර පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා නැවතී සිටි මාතර, දෙවිනුවර ප්‍රදේශයේ පැරැණි නිවෙසක් සහ එහි ගෙවත්ත පරීක්ෂා කිරීමට රහස් පොලිස් නිලධාරීන් පෙරේදා (23දා) කටයුතු කර ඇත. එහිදී එම නිවෙසේ කුණු ගොඩක් සඳහා කැපූ වළක සඟවා තිබූ ඩීසල් දමා පුලුස්සන ලද ජැකට් සහිත ඇඳුමක්, තවත් ඇඳුම් කොටස් කිහිපයක් සහ ජංගම දුරකථන කොටස් රහස් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.එම ජැකැට්ටුව පොලිස් පරීක්ෂකවරයා ඇඳ සිටි බවටද රහස් පොලිසිය සැක පළ කරයි.
මෙම තරුණයන් දෙදෙනා ඝාතනය කොට කැබ් රථයක දමාගෙන වලස්මුල්ල, මැදගංගොඩ රක්ෂිතයට පොලිස් නිලධාරීන් කර මතින් රැගෙන ගොස් දර දමා ඩීසල් දමා ගිනිතබා ඇති බවටද කරුණු අනාවරණය වී තිබේ. පැය පහක පමණ කාලයක් ඔවුන්
ව්‍යාපාරිකයන් දෙදෙනාගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ උප පොලිස් පරීක්ෂකවරයකු මේ මස 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පෙරේදා (23දා) නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කළ එච්.ජී. විරාජ් මදුසංක නමැති අයෙකි.
මෙම ඝාතන සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු වන කපිල නිශාන්ත නමැති අයද මේ මස 28දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලිස්පතිවරයාගේ නියෝග මත මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සහ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුසංක යන දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමේදී උප පොලිස් පරීක්ෂකවරයා කරන ලද පාපෝච්චාරණය අනුව එම දෙදෙනා ඝාතනය කරන ලද නිවෙස සහ මළසිරුර ගෙනගොස් පුලුස්සා දමන ලද ස්ථානයද පසුගිය සිකුරාදා සොයා ගනු ලැබීය. අක්මීමණ, ගොනාමුල්ලේ නිවෙසේ පිටුපස කොටසේ ඔවුන් ඝාතනය කර ඇති අතර නිවෙසේ ස්ථාන කිහිපයක තිබූ ලේ පැල්ලම් කිහිපයක්ද සොයාගෙන ඇති බව අනාවරණය වී තිබේ.
-එන්.ජී. ලියනගේ-