https://www.gossiplankanews.com/2019/02/iraj-louis-vuitton-samantha-badra-birthday.html
බෞද්ධාගම සම්බන්ධ විෂම අදහස් පැතිරීම තුළින් ආන්දෝලනයක් තමා විසින්ම මතුකර එය තම ප්‍රසිද්ධිය පිණිසම යොදාගැනීමේ 'ප්‍රචාරණලෝලී' කටයුත්තක යෙදෙන බවට පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් වෙත අවස්ථා ගණනාවක චෝදනා එල්ල විය.
කලෙකට ඉහත අයිටීඑන් දොරමඩලාව හා ස්වර්ණවාහිනියේ බණ වැඩසටහන් නිසා ධර්මයේ සියුම් තැන් අලංකාර ලෙස විග්‍රහ කරන හිමි නමක් ලෙස පිටිදූවේ හිමියන් රට තුළ ප්‍රසිද්ධියක් ලබාගත් නමුත් පසුකාලීනව විවිධ ආන්දෝලනාත්මක කටයුතු නිසා
එහිමියන් කුප්‍රසිද්ධියට ලක්විය. දළදා වහන්සේ ඌරු දතක් ලෙස නිග්‍රහයට ලක්කිරීමෙන් පසු මේ හිමියන් සම්බන්ධයෙන් සංඝ සමාජය තුළද අවුල් සහගත කථාබස් පැතිරුණ අතර මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් හමුවේ තමන් කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් වැඳ වැටී සමාව ගන්නටද සිදුවිය. ඉන්පසු මාස ගණනාවක්ම

නිහඩව සිටි පිටිදූවේ හිමියන් නැවතත් සිය 'ප්‍රචාරණ ලෝලී' වැඩසටහන් දියත් කළේ කිරිබත්ගොඩ ඥාණානන්ද වැනි ප්‍රසිද්ධ හිමි නමක් සමග හැප්පීමේ රංගාවතරණයෙනි.

මෙම ප්‍රචාරණ වැඩ වලට නම රැන්ඳූ යූටියුබ් තරුවක් වන ඉරාජ්ද නොමද සහය ලබාදෙන්නේ කලෙක සිටම ඔහු හිමියන්ගේ පන්සලේ ප්‍රධාන දායකයෙකු මෙන්ම ගජ මිතුරෙකු වූ හෙයිනි.

තමන් රහත්වූ බව පවසා විවිධ විවේචනයන්ට ලක්ව සිටින පිටිදූවේ හිමියන් සෑම වසරකම සිය උපන්දිනය මහ ඉහළින් තමන්ට අයත් ආශ්‍රමයේ සමරන්නේ මහායාන භික්ෂුවක පරිද්දෙනි.
එක් අවුරුද්දක මස් මාළු බිත්තර දානයට දීම නිසාද තවත් අවුරුද්දක හිමියන්ට පාරේ ඇවිදිද්දී මල් ඉසින්න තරුණ තරුණියන් යෙදීම නිසාද මෙම උපන්දිනය ගැන ආන්දෝලන ඇති විය.2019 වසරේ මෙවර එය සමාජ ජාල වෙත පතුරුවා ලන්නට මාතෘකාවක් සපයා දී ඇත්තේද හිමියන්ගේ ගජමිතුරු ඉරාජ්ය.

 'ලුවි විටොන්' නමැති ප්‍රසිද්ධ සන්නාමයේ පිරිකර ගෝඨාභය රාජපක්ෂ පැමිණ හිමියන්ට පිරිනැමූ බව කියමිනි. මේ කතාව හදන්නේත් එයට පසුව හිමියන් ලවා පිළිතුරු දෙන්නේත් ඔහු විසින්ම වීම මෙම ප්‍රචාරණලෝලී ක්‍රියාදාමයේ හාස්‍ය ජනක තත්වයයි.

පහත පළවන්නේ ඒ සම්බන්ධයෙන් ෆෙස් බුක්හි ඉරාජ් පළ කළ අදහස් දෙකයි. පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ උපන්දින ඡායාරූප පෙළ නැවතත් ඊට පහතින් පළ කර ඇත.



https://gallery.gossiplankanews.com/birthday/sir-samantha-badra-thera-birthday-celebration.html