update 2.20 pm
16 හැවිරිදි පාසල් දැරියක දූෂණයට ලක්කිරීම නිසා පොලිස් පැමිණිලි මත අත්අඩංගුවට ගන්නට සොයමින් සිටියදී පොලිසියට භාරවූ දකුණු පළාත්සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අද දහවල් ගාල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලදුව විනිසුරු ඇප ලබාදී තිබේ.ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හර්ෂ කැකුණවෙල මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
update 11.20 am
පාසල් සිසුවියකට බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. රත්තරන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු පෙබරවාරි 23 වනදා අක්මීමන, බටදූව ප්‍රදේශයේ දේවාලයක් තුළදී
16 හැවිරිදි දැරියකට
ඒ අනුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නට සොයමින් සිටියදී මන්ත්‍රීවරයා අක්මීමන පොලිසියට භාරවීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන ඇති අතර අද (28) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සැකකාර මන්ත්‍රීවරයා දේශපාලන වේදිකාවලදී කවි කීම සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධියට පත්ව සිටින්නෙකි. පසුගිය දිනවල රන්ජන් ඇමතිවරයාට දුරකථනයෙන් කතාකර එම ඇමතුම සභාවක සජීවීව ඉදිරිපත්කිරීම නිසා ඔහු ගැන මාධ්‍ය තුළ කතාබහක්ද පැනනැගී තිබුණි.
දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු මේ ආකාරයේ චෝදනා වලට ලක්වූ මුල් අවස්ථාව මෙය නොවන අතර මින් ඉහත 200 දෙනෙකු දූෂණය කර ඒ වෙනුවෙන් සාදයක් පැවැත්වූ මන්ත්‍රීවරයෙකු ගැනද වාර්තා පළව තිබුණි.
සිද්ධිය ගැන වාර්තාව





