https://www.gossiplankanews.com/2019/02/krishantha-pushpakumara-incident.html
කුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර යනු දේවාලයක කපු මහතෙකි. නැතිනම් කට්ටඩියෙකි. ඔහු අද්භූත බලවේගයක් නිසා මේ තැනට ආ බව නිතර කියා ඇත්තෙකි.
රත්තරන් යනුවෙන්ද හඳුන්වන ඔහු කලකට ඉහතදී යුද හමුදා සෙබළෙකු වූයේය. පෙරමුණේද ගමන් කළේය. එහිදී සතුරු ප්‍රහාරයක් හමුවේ යුදබිමේ කොටුවූ තැනකදී
අසරණ වූ නමුත් පුදුම ආකාරයකට ඔහු දිවිබේරාගත් බවත්, අද්භූත බලවේගයක් මගින් ඔහුගේ දිවි බේරාදුන් බවත් පවසා තිබුණි.
 බලවේගය විසින් ලබා දුන් බලය මත තවත් දේ කරන්නට වරමක් ලද බව කියූ ඔහු හමුදාවෙන් ඉවත්වී කට්ටඩියෙකු ලෙස මතුවූයේය.
දකුණු පළාතේ දේවාලයක් (බටදුව ශ්‍රී විෂ්ණු දේවාලය) ආරම්භ කළ

ඔහු දේවාලයද හාස්කම් සහිත එකක් බවට ප්‍රචාරයක් දියත් කළේය.
ඒ කාලයේ රත්රන්ගේ දේවාලයෙහි රටේ ඉහළම ප්‍රභූ නායකයන් ගැවසුණි. දේවාලයෙන් එකතු වූ විශාල ධනස්කන්දය ඔහු නිර්ලෝභීව ජනතාව වෙනුවෙන් වියදම් කළ අතර ඒ නිසාම ජනප්‍රිය විය. ඔහු මැතිවරණයකට ඉදිරිපත්වන්නේ එම කීර්තිය පදනම් කරගෙනයි.

ගාලූ දිස්ත්‍රික් ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඔහු කළ වියදම් දක්වමින් කළ ප්‍රචාර සමග ඔහු දකුණු පලාතෙන් එජාපයෙන් පළමුවැනියා වෙමින් ජයගන්නටද සමත් විය.

නමුත් කාලයක් පටන් එක්සත් ජාතික පක්ෂය පිළිබද කලකිරීමට පත් රත්තරන් මහින්දගේ  ආණ්ඩුවට එක්වීමට තීරණය කළේ ඒ කාලයේදීමය.
මේ අනුව ඔහු මහින්ද අනුගාමියෙකුවූ අතර පසුගිය කාලයේ ඒකාබද්ධ විපක්ෂයටද සම්බන්ධවී වැඩ කළේය.
කෙසේ වෙතත් දේශපාලනයට සම්බන්ධ වුවත් ඔහු ගේ ගුරුකම් වැඩ දිගටම කෙරී ගෙන ගිය අතර ඹීට වසරකට පමණ පෙර පළාත් සභාවේ ඇතුළුවන තැනට ගින්දර දැල්වූ පන්දමක්ද ගෙනවිත් යහපාලන රජයට එරෙහිව ප්‍රසිද්ධ යාගහෝමයක්ද කළේය.

පසුගියදා රන්ජන් ඇමතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන කොකේන් චෝදනාව ගැන අසා එය සජීවීව වේදිකාවකදී ප්‍රසිද්ධ කිරීම නිසාද ඔහු ගැන කථාබහ ඇතිවිය. මේ ගැන මහින්ද රාජපක්ෂ කියා තිබුනේ 'ක්‍රිෂාන්ත ඉතිං ගුරුකම් කාරයානෙ එයා රන්ජන්ව හූනියමක් කරල අල්ලගන්න ඇති' කියාය.

ඔහුට අයත් බටදුව ශ්‍රී විෂ්ණු දේවාලයට 16 හැවිරිදි දැරියක කැටුව ඇගේ භාරකරුවන් පසුගියදා පැමිණ තිබුනේ දැරියට යක්ෂ බැල්මක් ඇති බව පවසෙමින් ශාන්තිකර්මයක් සිදු කිරීමට අවශ්‍ය බව දන්වාය.

 ශාන්තිකර්ම කටයුතුවලට සම්බන්ධ ඔහු නමක් දිනා තිබීම නිසා එම විශ්වාසය මත දැරිය කැටුව ඔවුන් පැමිණ තිබුණි. ඇයගේ යක්ෂයා පළවා හරින මුවාවෙන් ඇතුළට කැඳවාගෙන යාමෙන් පසු ශාන්තිකර්මය සිදුකරන අතරතුර දැරියට ලිංගික අතවර සිදුකර ඇති බව එළියට හඬාගෙන පැමිණි දැරිය භාරකරුවන්ට පැමිණිලි කර තිබුණි. එම අවස්ථාවේ ඔහු එය පිළිගෙන නැත.
පසුව පොලිසියට මේ ගැන පැමිණිලි කිරීමෙන් පසු ඔහුව සොයා පොලිසිය ගියත් ඔහු මගහැර තිබුණි.

ඔහුට උසාවි වරෙන්තුවක් ලබාගැනීමට සූදානමක් පවතින බව දැනගැනීමෙන් පසු ඔහු අද උදෑසන 11 ට පමණ පොලිසියට පැමිණ භාරවූ නමුත් පැය 3 කින් පමණ දවල් 2 වනවිට උසාවියෙන් ඇප මත නිදහස් වූයේය.
ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත  මුදා හැරීමට හර්ෂ කැකුණවෙල මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.