එම්.ආර්. ලතීෆ් මහතාට අද (5)
ලතීෆ් මහතාගේ ධූර කාලය දිර්ඝ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව ඒ සඳහා අද (5) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
1979 ජනවාරි 15 වැනි දා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසින් ඒ මහතා ශ්‍රී ලංකා පොලිසියට බැඳී තිබේ.
2016 වසරේ අගෝස්තු 19 වැනි දා ලතීෆ් මහතා විශේෂ කාර්ය බළකායේ සේනාංකාධිපති ලෙස වැඩ බාර ගත්තේය. ලතීෆ් මහතා විශේෂ කාර්ය බළකායේ 11 වැනි ආඥාපතිවරයා වේ.
ඔහු යටතේ පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ වැටළීම් විශාල ප්‍රමාණයක් සිදු විය.