මත්ද්‍රව්‍ය පාවිච්චියට අමතරව තවත් චෝදනා රැසකට මධුෂ් වැරදිකරුවකු වී සිටින බවත්, ඩුබායි රාජ්‍යයේ මහජන අභිචෝදක (Public Prosecutor) විසින් 23 වැනිදා හෝ ඊට පෙර තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස්
මධූෂ්ට විරුද්ධව මෙරටේ ඇති චෝදනා හා ඔහු වෙනුවෙන් මෙරට අධිකරණය ගෙන තිබූ ක්‍රියාමාර්ග පිළිබඳව ඩුබායිහි බ(ර්) ඩුබායි පොලිසිය පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානීන්ගෙන් කරුණු විමසූ බව කී එම ප්‍රධානියා. මේ අනුව ඒ පිළිබඳ විස්තර වාර්තාවක් ඩුබායි පොලිසියට බාර දුන් බව ද ප්‍රකාශ කළේය.
මේ අතර මධූෂ්ගේ ඩුබායි සාදයට සහභාගි වී සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ ජනප්‍රිය ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නව පරපුරේ ගායක නදිමාල් පෙරේරා සම්බන්ධයෙන් කළ විමසුමකදි පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානියා පැවසුවේ. ඩුබායි මහජන අභිචෝදක විසින් ඒ දෙදෙනා සමබන්ධයෙන්ද ඉදිරි සතියේදී තිරණයක් ගනු ඇති බවයි. එම දෙදෙනා ද මත්ද්‍රව්‍ය පාවිච්චි කර සිටි බවට පරීක්ෂණවලදී මෙයට පෙර තොරතුරු හෙළිවී තිබිණ.
-සුජිත් හේවාජුලිගේ-