මාකඳුරේ මදුෂ්ගෙන් මුදල් ගෙන ව්‍යාපාර ඇරඹූ බවට තමන් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න ඊයේ මෙසේ කියා තිබේ.
බොහෝ සමාජ මාධ්‍ය මගින් සහ ඇතැම් ජනමාධ්‍ය මට විවිධ අවලාද නඟනවා. බොහෝ අවලාද එල්ල වන්නේ මා විසින් තලවතුගොඩ පවත්වාගෙන යන ව්‍යාපාරය සම්බන්ධයෙනුයි. මං පර්චසය මිලියන 2.2 බැගින් තලවතුගොඩින් ඉඩමක් අරගෙන, බිල්ඩිමක් හදලා ව්‍යාපාරයක් කරගෙන යනවා. එහි වටිනාකම කෝටි 08ක් පමණ
වෙනවා. මට කෝටි 08 කොහෙන්ද?’ කියලයි අහන්නේ.
මේ ගැන මං පාර්ලිමේන්තුවේ කළ කතාවෙන් ඒක පිළිගත්තෙ නෑ.
තවමත් බොහෝ අවලාද එල්ල වෙනවා. මුලින්ම කියන්න ඕනේ, මම තලවතුගොඩින් ඉඩමක් අරගෙන, ගොඩනැගිල්ලක් හදලා ව්‍යාපාරයක් ආරම්භ නොකළ බව. මේ සියලූදෙනා කියපු පළමු බොරුව තමයි, ඒ. ඊළඟ බොරුව තමයි මේ සියල්ලේ වටිනාකම රුපියල් කෝටි 08ක් බව . තුන්වන බොරුව තමයි මාකඳුරේ මධුෂ් මේ කෝටි 08 මට දුන් බව.
මම මේ ව්‍යාපාරය කරන්න කුඩුකාරයන්ගෙන් හෝ පාතාලයන්ගෙන් සත 05ක්වත් අරගෙන නැහැ. මේ ව්‍යාපාරය කිරීමට මම ගොඩනැගිල්ලක් ගත්තේ කුලියට. ඕස්ට්‍රේලියාවේ සිටින වෛද්‍යවරයකුට අයත් ගොඩනැගිල්ලක් තමයි මම කුලියට ගත්තේ. 2017 සැප්තැම්බර් මාසයේ සිටයි එය කුලියට ගත්තේ. නමුත් මාස 06ක් එනම් 2018 මාර්තු තෙක් මම මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට නොහැකිව සිටියා.
මුදල් නොමැතිකම නිසා. පසුව මම ලංකා බැංකුව සමඟ කතා කරලා කෝටි 03ක ණය මුදලක් ඉල්ලූම් කලේ.මේ ණය මුදල ලබා ගන්න ඇපයට තබන්න දේපළක් අවශ්‍ය වුණා. එවිට තලවතුගොඩ සිටින මගේ සංගීත් නැමැති මිතුරා ඔහුට අයත් ඉඩමක් ඇපයට තැබීම සඳහා මට ලබා දුන්නා. ඒ අනුව 2018 ජනවාරි මාසයේ කෝටි 03ක ණය මුදල අරගෙන මම 2018 මාර්තු මාසයේ සිට මේ ව්‍යාපාරය ආරම්භ කළා.
මේ ණය මුදල ගත්තු ලංකා බැංකුවේ පාර්ලිමේන්තු සංකීර්ණ ශාඛාවට ගිහින් නිරෝෂන් ගත්තු ණය මුදල කීයද? ඇපකරය හැටියට තැබුවේ කුමක්ද? මාසයකට ගෙවන ණය මුදල කීයද? ආදී ප්‍රශ්න සියල්ලටම උත්තර ලබා ගැනීමට ඕනෑම කෙනෙකුට පුළුවන්.
හැකිනම් මට මේ ගොඩනැගිල්ලේ අප්‍රේල් මාසය තෙක් ඉන්න ඉඩ දෙන්න කියලා ඉල්ලුවත් තවම එයට පිළිතුරු ලැබී නැහැ. ලබන පෙබරවාරි 28 ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙසට නීතිඥවරයා එවූ ලිපිය මෙන්න. මාතෘකාවක් උඩට අරගෙන මඩ ගැසීමකුයි මෙතැන සිදු වන්නේ.’’