ජනපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකරවරයාගේ පුතු ඇතුළු කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු මෙම රථයේ ගමන් කර තිබූ අතර නවිඳු ඔමේෂ්
2016 සැප්තැම්බර් මස මහින්දානන්ද පුත් කණිෂ්ක අලුත්ගමගේ නුගේගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබුනේ කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවකට ගොස් එන අතර බීමත්ව රියපැදවීමේ චෝදනාවකටය.
මෙම රථය සමඟම ගමන් කළ ප්‍රාඩෝ රථයේද ඔවුනගේ යහළුවන් ගමන් කර තිබූ අතර එය දුමින්ද සුධම්මික ආටිගල පදවාගෙන ගොස් ඇත. අනතුරට පත් අය දැක දැක මග දමා පළායාමට ඔවුන් කටයුතු කිරීමද විශේෂත්වයකි.
ඔහු හා කිරන් මැතිව් නම් අයෙක් ද පොලිසියට භාර වීමෙන් පසු අත් අඩංගුවට ගෙන තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.