පසුගිය 24 වන දින අළුයම 4.35 ට පමණ බම්බලපිටිය පොලිස් වසමේ කොළඹ ගාල්ල මාර්ගයේ ඩුප්ලි බුලස් හන්දියේදී කොල්ලුපිටිය දෙසට ධාවනයවූ පොලිස් යතුරු පැදියක වැල්ලවත්ත
දෙසට ධාවනයවූ ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් පසු ඩිෆෙන්ඩර් රථය පළා යාමේ සිද්ධියේදී යතුරු පැදියේ ගමන්කළ බොරැල්ල පොලිස් රථවාහන අංශ ස්ථානාධිපති

ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා බරපතල තත්වයෙන් කොළඹ ජාතික රෝහලේ තවමත් ප්‍රතිකාර ලබයි.
මෙම අනතුර සම්බන්ධයෙන් සී.සී.ටී.වි දර්ශන ඔස්සේ සිදුකල පරීක්ෂණ වලින් අනතුරුව අනතුරට සම්බන්ධ ඩිපෙන්ඩර් රථයේ රියදුරු හා ලියාපදිංචි හිමිකරු එදිනම බම්බලපිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අඩංගුවට ගෙන තිබුණි.
රියදුරු ලෙස රත්නායක මුදියන්සේලාගේ නවිදු ඔමේෂ් රත්නායක වයස අවුරුදු 27 1047 පොතුඅරාව පාර, තලංගම උතුර, මාලඹේ අත්අඩංගුවට පත්ව ඇත. එසේම
WP:FZ9143 ඩිපෙන්ඩර් රථයේ හිමිකරු රංචිගොඩ ආරච්චිගේ විසිත ශ්‍රී විජේසේකර වයස අවුරුදු 27 අංක 422/1 ගාලපාර කොළඹ 03 ද අත්අඩංගුවට පත්ව ඇත.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඉහත ඩිපෙන්ඩර් රථය සමඟ පැමිණි තවත් ප්‍රාඩෝ වර්ගයේ රථයක් රියදුරු සමඟ එහි ගමන්කල පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
රියදුරු (ප්‍රාඩෝ රථයේ හිමිකරු) දුමින්ද සුදම්මික ආටිගල වයස අවුරුදු 28 අංක 109, 05 වන පටුමග, කොළඹ 03 මෙම රථයේ ගමන්කල පුද්ගලයා කිරන් මැතිව් දනිස් වයස අවුරුදු 23 සුනේත්‍රා දේවි මාවත, පැපිලියාන
මෙම බරපතල රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉහත සැකකරුවන් 04 දෙනා 25 වන අද දින අළුත්කඩේ අංක 03 ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.