https://www.gossiplankanews.com/2019/02/rathgama-two-person-history.html
සුගිය දිනවල රටේ අවදානයට යොමුවූ රත්ගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය වීමේ සිද්ධිය පොලිසියේ වරදකින් සිදුවූ අමානුෂික ක්‍රියාදාමයක් බව මේවනවිට හෙළිවී හමාරය. ඒ කරුණු කෙසේ වෙතත් මෙම දෙදෙනාම පොලිසියට හසුව තිබුනේ පාතාලයන්ට ගිනි අවි
සැපයීමේ රහස් ගනුදෙනුවක් නිසා වන අතර මේ වනවිට හෙළීදරව් වන්නේ එක් අයෙකු මිනීමැරුම් නඩුවක ප්‍රදාන සැකකරුවූ බවත් අනෙකා මංකොල්ලයක සැකකරුවෙකු බවත්ය.

ඝාතනයට ලක්වූ මංජුල කුමාර නමැත්තා ඉකුත් 2010 වර්ෂයේ දෙසැම්බර් 10 වැනිදා ආණමඩුව ප‍්‍රදේශයේදී ස්ටැනිස් ජෝෂප් නමැති ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කළ ප‍්‍රධාන සැකකරු බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ. කොතලහිඹුටු පිටරට යැවීමේ ජාවාරම කරගෙන ගිය මෙම ව්‍යාපාරිකයා ඝාතනය කර තිබුණේ වත්තල ප‍්‍රදේශයේ දේශපාලනඥයකු

ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් මත බව ද හෙළි වී ඇත.

මෙම ඝාතනය සිදු වෙද්දි මංජුල අසේල කුමාර යුද හමුදාවට සම්බන්ධ විශේෂ බළකායක සේවය කරමින් සිටි පුද්ගලයෙකි. ඝාතනයට අදාළ නඩුව ආණමඩුව අධිකරණයේ විභාග වන අතර එය ලබන අපේ‍්‍රල් මස 04 වැනිදා නැවත කැඳවීමට නියමිතව තිබිණ.

මේ අතර රත්ගමදී පැහැර ගැනීමට ලක්ව ඝාතනය වූ රසින් චින්තක නමැත්තා ද ඉකුත් 2012 වර්ෂයේ නොවැම්බර් මස 17 වැනිදා රත්ගම ප‍්‍රදේශයේ කොල්ලකෑමක ප‍්‍රධාන සැකකරුවෙකි.
මෙම කොල්ලකෑමට අදාළ නඩුව ලබන අප්‍රේල් මස 24 වැනිදා ගාල්ල අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව ඇති එකකි.
ඉකුත් 2008 වර්ෂයේ දෙසැම්බර් මස 17 වැනිදා ගල්කටස් තුවක්කුවක් සමඟ මොහු පොලිසියට කොටු වූ අතර සාක්ෂිකරුවන් නොමැති වීම නිසා එම නඩුව නිෂ්ප‍්‍රභ වී තිබිණි.
මේ අතර ටී56 ජීව උණ්ඩ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව නඩුවක් ගාල්ල අධිකරණයේ විභාග වෙමින් පවතී.
පොලිස් ආරංචි මාර්ග අනුව මෙම දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනිදා රැගෙන ගොස් තිබුණේ ගිනිඅවියක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහාය.
එහිදී ප‍්‍රශ්න කිරීම් අතරතුර එක් අයකු මියගොස් ඇති අතර පසුව පොලිස් නිලධාරීන් අනෙක් පුද්ගලයා ද ඝාතනය කර මළ සිරුරු වලස්මුල්ල කැලෑවකට රැගෙන ගොස් ගිනි තබා විනාශ කර තිබිණි.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වාගෙන යන අතර එයට සම්බන්ධිත වෑන් රථයද ඊයේ සොයාගෙන තිබුණි.

හේමන්ත රන්දුණු
.