ලැබූහ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන අතර පිරිස නවගත්තේගම පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව පොලිස් ඇපමත මුදා හළ බව පොලිසිය කියයි. සැකකරුවන් අද (22) ආණමඩු
වැලිඅගාර ප්‍රදේශයේ පිරිසක් මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ යෙදෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත ඊයේ (21) අලුයම මෙම වැටලීම කළ බව ඊට සහාභාහි වූ පොලිස් නිලධාරීහු පවසති.
අත් අඩංගුවට ගත් පිරිස අතර සිටින කීප දෙනකු මින් පෙර අවස්ථා ගණනාවකදි සුදූ ක්‍රීඩාවේ යෙදිමේ චෝදනා මත අත් අඩංගුවට පත් වූවන් බව ද පොලිසිය සඳහන් කරයි.
මෙම සුදු පිටිය ද කාලයක සිට පත්වාගෙන යන එකක් බවට තොරතුරු ලැබී ඇති බවත් එය පවත්වාගෙන යන පුද්ගලයා මීට පෙර අවස්ථාවක දී ද මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වූවෙකු බවට විමර්ශනවල දී අනාරණය වූ බව පොලීසිය පවසයි. සැකකරුවන් ආණමඩුව හා නවගත්තේගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
-ආණමඩුව හිරාන් ප්‍රියංකර සහ තරුවලගස්වැව පියරත්න වික්‍රමාරච්චි-