මිරිස්ස මුහුදු සීමාවේ සිටින ඩොල්ෆින්, තල්මසුන් නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මුල් වරට රජයට ගාස්තුවක් අයකිරීමට සහ ඒ සඳහා රජයෙන් අවසරපතක් ලබා ගැනීමට සිදු වන බව ඊයේ (31)
කළ විමසීමකදී වනජීවි සංරක්ෂණ අධිකාරියේ සමුද්‍ර ඒකකය භාර සහකාර අධ්යක්ෂ චන්න සුරවීර මහතා පැවසීය. 2009 අංක 22 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත යටතේ මෙම නියාමන කටයුතු සිදු කෙරෙන අතර මේ සඳහා හේතු වී ඇත්තේ අවිධිමත් අයුරින් මෙම
මෙම ගාස්තු අය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමටද රජය පියවර ඇති අතර ඒ අනුව ඊයේ (31) සිට මිරිස්ස මුහුදු තීරයේ ඩොල්පින් සහ තල්මසුන් නැරඹීමට පැමිණෙන වැඩිහිටි පුද්ගලයකුගෙන් රුපියල් 150ක්ද, වයස අවුරුදු 6ත් 12ත් අතර දරුවන්ගෙන් රුපියල් 75ක ගාස්තුවක්ද අය කිරීමට නියමිතය. මීට අමතරව දේශීය සංචාරකයකුගෙන් රුපියල් 50ක සේවා ගාස්තුවක් සහ විදේශීය සංචාරකයකුගෙන් ඇමෙරිකානු ඩොලර් එකක සේවා ගාස්තුවක් අය කරන බව වනජීවි සංරක්ෂණ අධිකාරියේ සමුද්‍ර ඒකකය භාර නිලධාරී චන්න සුරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් තල්මසුන් ඇතුළු ක්ෂිරපායී සතුන් නැරඹීම සඳහා කල්පිටිය හා ත්‍රිකුණාමලය යන සමුද්‍රීය කලාප තුළට පිවිසීමට මෙතෙක් අයකළ මුදල සංශෝධනය කර නොමැති අතර මේ සඳහා වන අවසරපත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතුය. මේ අතර සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඊයේ (31) පෙරවරුවේ මිරිස්ස ධීවර වරායේ සංචාරයක නිරත වූ අවස්ථාවේ නව ගාස්තු ඇතුළත් පළමු ටිකට් පත නිකුත් කිරීමටද කටයුතු කළේය.
-හසිකා ජයවික්‍රම-