
බස් රථවලින් අනෙකුත් වර්ණ ඉවත් කර ගැනීම සඳහා බස් හිමියන්ට අප්‍රේල් 1දා සිට මාස දෙකක කාලයක් ලබා දෙන බව කී සභාපතිවරයා, ලබන ජූලි පළමුවැනිදා සිට මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව ද සදහන් කළේය.
විවිධ වර්ණ යෙදීම නිසා පෞද්ගලික බස් රථ
පළාතේ බස් රථවල රියැදුරු, කොන්දොස්තරවරු මත්ද්‍රව්‍ය භාවිත කර අසුවුවහොත් ඔවුන්ට ප්‍රවාහන අධිකාරියෙන් ලබාදී තිබෙන රියැදුරු කොන්දොස්තර බලපත්‍රය අහෝසි කරන බවද සභාපතිවරයා කීය.
මෙම නීතිය අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය. මෙම පෞද්ගලික බස් රථවල ඇතැම් රියැදුරන් හා කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට අධිකාරියට පැමිණිලි ලැබී ඇතැයි කී සභාපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට අනුව අප්‍රේල් 1දා සිට පළාතේ සියලු මාර්ගවල බස් පරික්ෂාවට ලක් කර මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙන රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එයට අමතරව මත්ද්‍රව්‍ය භාවිත කරන අධිකාරියේ කාර්ය මණ්ඩල අයෙකු වෙතොත් ඔහුට විරුද්ධව ද විනය ක්‍රියා මාර්ග ගන්නා බව ද පැවසීය.
මගී බස් රථවල තිබෙන අධික ශබ්දයෙන් යුතු නලා, කැසට්, ගුවන් විදුලි යන්ත්‍ර පාලනය කිරිමට පියවර ගන්නා බව ද ඔහු කිය.