තමන්ගේ එම රජයට ජනතා සහන රැසක් ලබාදෙන්නට හැකියාව තිබුණ බවයි.
මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී මෙසේ කීවේය.
'2018 ඔක්තෝබර් 26 වන දින ජනාධිපති සිරිසේන පත් කළ නව ආණ්ඩුවට නෛතික බාධාවක් තොරව කටයුතු කරන්නට හැකිවුයේ
පොහොර සහනාධාරය නැවත ක්‍රියාත්මක කිරීමට හැකිවූ නිසා ගොවීන්ට විශාල සහනයක් ලැබුනා. තවත් සහනාධාර කිහිපයක් දියත් කරන්නට අප සූදානම් කර තිබුණද එක්සත් ජාතික පක්ෂය හා දෙමළ සන්ධානය පාර්ලිමේන්තුවේ කළ දේශපාලනික අවිනිශ්චිතභාවය නිසා මේ දින 19 තුළ අපට කල හැකිවූයේ සීමිත වැඩ කොටසක් පමනක් බව අප කියන්නට අවශ්‍යයි.
මේ දින 19 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක පමණ ආයෝජන රටට ගෙන ඒමට විදේශ ආයෝජකයින් කීපදෙනෙකුම එකඟ කරගන්නට අපට හැකිවූවද 2018 නොවැම්බර් 14 මතුවූ අවිනිශ්චිතභාවය නිසා එම ආයෝජනය මල්ඵල ගන්වන්නට සිදු නොවිණි.
ඒ අතරම මහබැංකුවේ වෙනසක් කරන්නට අපට අවකාශ උදා නොවූ නිසා රුපියල ශක්තිමත් කිරීමේ ප්‍රයත්නයට අතතබන්නට අපට අවස්තාවක් උදා වුනේ නෑ.'