රුපියල් ලක්‍ෂ 25ක අරුම පුදුම වතුර බිලක්  අම්බලංගොඩ පටබැඳිමුල්ල ප්‍රදේශයේ නිවසකට ලැබීමේ පුවතක් අම්බලන්ගොඩින් වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ජල පාරිභොගික එම්.ඒ.පී. සිල්වා යන අය සිද්ධිය මෙසේ
විස්තර කළේය. අපි දවල්ට

ගෙදර වහල දාල තියෙන්නේ. ගිණුම් අංක 33-040-090-157-13 යටතේ ළඟක් වන තෙක් රුපියල් 600ක පමණ බිලක් තමයි ආවේ. එකපාරටම නොවැම්බර් මාසේ ලක්ෂ 15ක බිලක් ආවා. අපි මේ ගැන ජල සම්පාදන මණ්ඩලයට කීවා. ලියලත් දුන්නා. මේ කාලය තුළ රතු නිවේදන 15ක් විතර ඇවිල්ලා තියෙනවා. අපි කිව්වා ජලය කපන්න කියලා. එහෙම කළෙත් නහැ. ගිය සතියේ රුපියල් ලක්ෂ 25ක බිලක් ආවා. මේ නිලධාරීන්ට සාමාන්‍ය දැනීමක්වත් නැද්ද කියලා මං අහන්නේ.  හෘද රෝගියෙක් වුණා නම් ජීවිතයකුත් අහිමි වෙන්න ඉඩ තිබුණයි පැවැසීය.

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ ජල සම්පාදන මණ්ඩලයේ ඉන්ජිනේරු නඳුන් වික්‍රමනායක මහතාගෙන් විමසූ විට මෙසේ පැවැසීය. මේ නිවස තාප්පවලින් වටවෙලා තියෙන්නේ. අපේ නිලධාරීන්ට මීටරය බලන්න විදිහක් නෑ. ඒ අනුව ඇස්තමේන්තු බිලක් දාලා තියෙනවා. ජල සම්පාදන මණ්ඩලයේ නීති රීති වලට එකඟවයි. ඔය බීල නිකුත් කරලා තියෙන්නේ. පසුව ස්ථානීය පරීක්‍ෂණයක් කරලා බිලෙන් ලක්ෂ 18ක් විතර අඩු කළා. ඒ අනුව දැනට ලක්‍ෂ 07ක් වගේ මුදලක් මිය යුතුයි. ඒ බීල ඉදිරියේදී යවනවා. මේ මුදල ඇස්තමේත්තු කරලා තියෙන්නේ අවුරුදු 06ක් සඳහා, මෙම නිවෙසේ කාන්දුවක් තිබිය හැකියි. මෙහි පාරිභෝගික ගැටලු රැසක් තිබෙනවා. ඒ සියල්ල නිවැරැදි කර ඉදිරි බිලකින් සංශෝධිත වතුර බිල යැවීමට කටයුතු කරනවා යනුවෙන් පැවැසීය.