බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු හා අධ්‍යක්ෂකරු තිදෙනෙක් අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
මහබැංකුවේ හිටපු නි.අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ට්‍රෙසරිස් ලිමිටඩ් අධ්‍යක්ෂවරු වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල, මුතුරාජ සුරෙන්ද්‍රන් යන අයයි. මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව මෙම සැකකරුවන් ඔවුන්ගේ නිවෙස්වල දී අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
මහ බැකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ඇතුළු සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.