හයිබ්‍රිඩ් (දෙමුහුන්) මෝටර් රථයක් ලෙස වැගන් ආර්. රථය සැලකීම නිසා සාමාන්‍ය පෙට්‍රල් රථයකට අය කළ බදුවලින් එම රථය නිදහස් කළද ඉකුත් සතියේ සිට වැගන් ආර්. මොටර් රථය සාමාන්‍ය පෙට්‍රල් මෝටර් රථයක් ලෙස සලකා බදු අය කර ගැනීමකට රේගුව පියවර ගෙන ඇත.
ජර්මනියේ නිෂ්පාදනය කරන සී. 200 මෝටර් රථය හා සුසුකි වැගන් ආර්. රථයේ තාක්ෂණය එක සමාන බව කියමින් ශ්‍රී ලංකා රේගුව වැගන් ආර්. රථ ආනයනයේදි මෙම පෙට්‍රල් බද්ද අය කිරීමට පියවර ගෙන තිබේ. මේ සම්බන්ධව මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතාගෙන් විමසු විට ඒ මහතා කියා සිටියේ ජපානයේ සුසුකි සමාගම් 'හයිබ්‍රිඩ්' රථයක් ලෙස වැගන් ආර්. රථ හඳුන්වාදී තිබුණද ශ්‍රී ලංකා රේගුව එය පිළිනොගැනීමට පටන්ගෙන ඇති බවයි. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවෙන් අවස්ථාවක් ලබාදෙන ලෙස තම සංගමය ඉල්ලා යවා ඇතැයිද ඒ මහතා කීය.
වත්මන් රජය පනවා තිබෙන බදු බර හා අනෙකුත් කාරණා නිසා වාහන ව්‍යපාරය බංකොලොත් ව්‍යාපාරයක් වී ඇතැයිද ඒ මහතා කීය. ඒ නිසා බොහෝ අය වාහන ව්‍යාපාරයට මුදල් ආයෝජනය නොකර වෙනත් ව්‍යාපාර වෙත මුදල් ආයෝජනය කිරීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බවද කීර්ති ගුණවර්ධන මහතා කීය.
-ශිරාන් රණසිංහ-