ගාල්ල දිස්ත්‍රික්කයේ රූපලාවණගාර පරික්ෂා කිරීමේදී කල් ඉකුත් වූ ආලේපන භාවිත කළ ස්ථාන පනහක් පසුගිය වසර දෙක තුළ හමුව ඇතැයි වෙළෙඳ හා පාරීභෝගික සේවා අධිකාරීයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය
පවසයි.
කල් ඉකුත් වූ ආල්පන භාවිත කළ රූපලාවණගාර 27කට වෙළෙඳ හා පාරිභෝගික අධිකාරිය නඩු පවරා ඇත. 2019 වසරේ මුල් මාස දෙක තුළ පමණක් මෙවැනි රූපලාවණ්‍යාගාර 23ක් වටලා ඇත. ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ වෙළඳ හා පාරීභෝගික සේවා අධිකාරීයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදුකර තිබිණි.
-රසික සෙනවරත්න-