28 දා මධ්‍ය රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමට
සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කටයුතු
කළේය.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම අමාත්‍යාංශය යටතේ පවතින සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් ඉදිරියේදී ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් දියත් කිරීමට අපේක්ෂා කරන බවද කීය.
“අමාත්‍යවරයා ලෙස විතරක් නෙමෙයි සාමාන්‍ය ගුවන් මගියකු ලෙසටත් මම මේ ප්රශ්නය බොහෝ කාලයක සිට හඳුනාගෙන තිබෙනවා. අද සමහර ගුවන් සමාගම්වල මානව සම්පත්වල විශාල අඩුවක් නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. සමහර කවුන්ටර වහලා. මගීන්ට මඟ පෙන්වන්න ඔවුන්ගේ නියෝජිතයින් නැහැ. මගීන් අතරමං වෙලා එහේ මෙහේ යනවා. ගුවන් සමාගම් වුණාම මුදල් උපයන එක පමණක් නෙමෙයි මගීන් ගැනත් සිතන්න ඕන. ඉතිං මේ ප්රශ්නය ඉදිරියේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සාකච්ඡා කරලා විසදුමක් ලබා ගැනීමට මාත් වජිර අබේවර්ධන ඇමැතිතුමාත් අපේක්ෂා කරනවා...”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.