https://www.gossiplankanews.com/2019/03/aruni-baba-thel-chooty-nabbed.html
මීට වසර 3 කට පෙර 2016 මට්ටක්කුලිය පොලිස් වසමේ සමිපූර ප්‍රදේශයේදී සිදුවූ පාතාල වෙඩි තැබීමකින් චූටි උක්කං ඇතුළු 05 දෙනෙකු මරුමුවට පත්වූ සිද්ධියක් වාර්තාවී තිබූ අතර,
මෙම සිද්ධියට අදාල සැකකරුවන් 13ක් ඒ දිනවල පොලිසිය අත්අඩංගුවට ගන්නා ලදි.
එසේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත තළ එක් සැකකරුවෙකු වූයේ

මට්ටක්කුලියේ කුඩු රොෂාන්ය. මොහු බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන්නෙකු බවට සැකකළ අතර, එය සිදුකරනු ලබන්නේ මොහුගේ බිරිඳ වන වයස අවුරුදු 30 ක්වූ සමිත්පුර ප්‍රදේශයේ පදිංචි විජේසිංහ ආරච්චිගේ නිරෝෂනී හෙවත් අරුණි බබා නමැත්තියක බවට කරුනු හෙළිව තිබුණි.

අද දින අරුණි බබා පදිංචිව සිටින රාගම හා කඩවත් නිවෙස් පරීක්සා කළ  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 03 ක්ද, රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක්ද සොයාගෙන ඇත. ඇයට අයත් කුලී නිවාස දෙක තලගොල්ල, රාගම  හා පහල කරගහමුණ, කඩවත පිහිටා තිබූ අතර ඒවා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර  එක් නිවසක සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මොහු වයස අවුරුදු 46 ක්වූ දහර, වැල්ලම්පිටිය ලිපිනයේ පදිංචි වඩුවාවත්තේ ගෙදර, සාලින්ද ධර්මසිරි හෙවත් තෙල් චුටි යන අය බව හඳුනාගෙන ඇත.
මොහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02, අයිස් මිලිග්‍රෑම් 100, රුපියල් ලක්ෂ 07 කට අධික මුදලක්ද සොයාගෙන ඇතැයි පොලිසිය දන්වා තිබේ.