ඇමෙරිකා එක්සත් ජනපදයේ බොයිං සමාගම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සිදු කිරීමට නියමිතව තිබූ අත්හදා බැලීමක් කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

එම සමාගමේ බෝයිං 737 මැක්ස් 8 මාදිලියේ ගුවන්යානා සම්බන්ධයෙන් උද්ගතව ඇති. ගැටලුවෙන් පසුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. නාසා ආයතනය හා එක්ව දියත් කිරීමට සැලසුම් කර තිබූ මානව අභ්‍යවකාශ - පියාසැරී වැඩසටහන යටතේ මෙලෙස මිනිසෙකු
රහිතව ජාත්‍යත්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත අත්හදා බැලීමක් සිදු කිරීමේ සැලසුම වී තිබුණි.

එහි පළමු අදියර ලබන අප්‍රේල් මාසයේදී සිදු කිරීමට නියමිතව තිබුණි. එහෙත් දැන් එය අගෝස්තුවට කල් ගොස් ඇත. ඒ අනුව මෙම අත්හදා බැලීම්වලින් අනතුරුව මිනිසුන් රහිතව සිදු කිරීමට නියමිතව තිබූ පියාසැරිය ලබන නොවැම්බර් මාසය දක්වා කල් දැමීමට ඔවුන් පියවර ගෙන ඇත.

 එක්සත් ජනපදයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් රැගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සලසන රොකට්ටුවක් සහ කැප්සුල දියත් කිරීමේ පද්ධතියක් සකස් කිරීම සඳහා නාසා ආයතනය මේ වනවිටත් බෝයිං සමාගමට සහ ස්පේස්එක්ස් සමාගම ඩොලර් බිලියන 6.8ක් ලබා දී තිබේ. 2011 වසර දක්වාම යොදා ගැනුණු අභ්‍යාවකාශ ෂටල ව්‍යාපෘතිය නවත්වා දැමීමෙන් අනතුරුව එක්සත් ජනපදය ඒ සදහා යොදා ගන්නේ රුසියාවේ සොයුස් රොකට්ටුවයි.