දරු ප්‍රසුතියක් සඳහා මව රෝහල් ගත කළ දිනයේම තම පෙම්වතා නිවෙසට කැඳවාගත් පාසල් දැරියක් පෙරේදා (10දා) පොලිස් භාරයට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම දැරිය එම පෙම්වතා අතින් දූෂණයට ලක් වී
ඇති බවට හෙළි වූ බව කුඩාඔය පොලිසිය පවසයි.
සැකකාර පෙම්වතා වැල්ලවාය - පරගස්මංකඩ ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි. මෙම වින්දිත දැරිය 2018 වසරේ දෙසැම්බර් මස සෙනසුරාදා දිනක ටියුෂන් පන්තියකට යන බව පවසා වැල්ලවාය නගරයට පැමිණ පසුව මෙම සැකකාර පෙම්වතා සමඟ මොනරාගල දෙසට යන බසයක නැගී මදක් දුර ගොස් ඉන් බැස පෙම්වතාගේ මිතුරකුගේ ත්‍රිරෝදයකින් පාළු නිවෙසකට ගොස් ඇති බවත් එහිදී සැකකරු මෙම දැරිය දූෂණයට ලක්කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
-සංජීව බණ්ඩාර-