ගම්පොළ මහෙස්ත්රාත් ශ්රීනිත් විජේසේකර
පළමුවෙන්ම මෙම කාඞ්පත්තේ මුදල් ඇතිද යන්න පරික්ෂා කිරීම සඳහා මිතුරකුගේ මාර්ගයෙන් ගම්පොළ වෙළඳසලකින් රුපියල් 5000ක භාණ්ඩ ලබාගෙන පසුව සැකකරුද එම කාඩ්පත උපයෝගි කර ගනිමින් භාණ්ඩ ලබාගෙන තිබේ. ඉන්පසු මෙම අය ගම්පොළ ඉන්ධන හලකින් රුපියල් 500ක පෙට්රල් ලබාගෙන අනතුරුව එම ඉන්ධන හලේ සේවකයා ලවා මුදලින් රුපියල් 4500ක්ද රැගෙන අනතුරුව තවත් මිතුරකු සමග පාටියක් දමා ඇති බව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
මේ අතර මෙම කාඞ්පත් හිමියාගේ පැමිණිල්ල මත පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මෙහි ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විටත් ඔහු එම කාඩ්පත ඉවත දමා ඇති බවද පොලිසියට පවසා තිබේ.