ලෙස දන්වමින් ජනපති කාර්යාලය විසින් 2018.07.24 දින නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට යැවූ ලිපියට මාස 08ක් ගතවීත් පිළිතුරක් හෝ ලැබී නැතැයි එම නිවාසලාභියා හැඬු කඳුළෙන් යුතුව මාධ්‍යයට පැවසීය.
මෙම අසාධාරණයට ලක්ව ඇත්තේ කිරිමැටියාන මෝලවත්ත නිවාස යෝජනා ක්‍රමයේ අංක 23 නිවෙස වෙන්කරදී ඇති ඩබ්ලිව්.ඇම්. අනුර සමන්සිරි නමැති රැකියා විරහිත සිවුදරු පුද්ගලයෙකි.
ඔහු මාධ්‍යට මෙසේ කීය.
"මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවී වැඩ කළ අයෙක්. මෙම නිවෙස මට වෙන් කරදී තිබියදී ඒ ස¼දහා ගෙවිය යුතු
මාස 03කට පමණ පසු මම රෝහලේ සිට ගෙදර එන විට අනේ මගේ නිවෙස වෙනත් අයකුට දීලා. මේවා සහගහන අපරාධ. ගහෙන් වැටුණු එකාට ගොනා ඇන්නාට නොදෙවැනි වැඩක්. ජනපති පුරවැසි අත්වැලේ කැඳවුම්කරු හා වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි ගෝඨාභය වික්‍රමසිංහ මහතා මැදිහත්ව ජනපතිතුමාටත් නිරෝෂන් පෙරේරා රාජ්‍ය අමාත්‍යතුමාට කීවත් පලක් වුණේ නැහැ. අප වැනි අසරණයන්ට නිවාස ඉදිකරදෙන නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාවත් අප දෙස නොබැලීම නිසා අපේ දරු පවුලම අද මහමඟට වැටිලා.
ජනපති කාර්යාලයෙන් යවන ලිපියකටවත් පිළිතුරක් නොමැතිනම් කාට කියන්නද? රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේම බැනරයක් ගසන්න ගිහින් විදුලි සැර වැදී රෝහල් ගතවූ මට සාධාරණයක් ඉටු කරදෙන ලෙස ඒ මහතා හමුවී කීවත් සියල්ල අද පුස්සක් වෙලා. විදුලි සැර වැදීමෙන් පසු මට අද හරි හැටි කතා කරගන්නවත් බැහැ. වහලය පමණක් තනාගන්නට බැරිවුණු මගේ නිවෙස දැන් නිවාස සංවර්ධන අධිකාරිය විසින්ම වෙනත් අයකුට අලෙවි කරලා. එම නිවාස හිමියා මට පවසන්නේ ඔහු ගෙවූ මුදල් ආපසු දෙනවා නම් නිවෙස ආපසු දෙන බවයි. අතේ සතේ නැති රැකියාවක් නොමැති අපව තවදුරටත් අසරණ නොකරන ලෙස ජනපති - අගමැති නිවාස ඇමැති ප්‍රමුඛ රජයේ බලධාරීන්ගෙන් මා කාරුණිකව ඉල්ලනවා."
ජනපති වෙත යවන ලිපියකටවත් පිළිතුරක් නොමැති නම් මෙවැනි අසරණයකුට කාගේ පිහිටක් දැයි ප්‍රශ්න කරන කිරිමැටියාන ගම්වැසියෝ නැති බැරි අය ඇති හැකි අය කිරීම ඕනෑම රජයක පරම යුතුකම වන හෙයින් මෙම අසරණ පවුලට යම් සාධාරණයක් ඉටු කරදීම කඩිනම් කළ යුතු බව අවධාරණය කර සිටිති.
ලුණුවිල - රෝස් කොලින්