ඊයේ (13දා) සවස 4ට පමණ මෙම බස් රථය එහි සිටි මගීන් සමඟ සුපුරුදු පරිදි ඇල්පිටිය බස් නැවතුම්පොළේ නතර කර තබා එහි රියැදුරු සහ කොන්‍ෙදාස්තර තේ බීමට අසල අවන්හලකට ගොස් ඇත.
එම අවස්ථාවේ බසයට ගොඩවූ තරුණයකු බස් රථය පණගන්වාගෙන බස් මගීන්ද සමඟ බස් රථය
ඇල්පිටිය නගරයේ සිට කිලෝමීටර් භාගයක පමණ දුරට බස් රථය රැගෙන එද්දී මාර්ගයේ වාහන තදබදය නිසා එය තරුණ සේවා සභාව ඉදිරිපිට මඳක් නතර කර ඇති අතර, ඒ මොහොතේ ඊට ගොඩවූ රියැදුරකු විසින් බස් රථය මුදාගෙන තිබේ. ඒ වන විටත් එහි සිටි මගීන් බියට පත්ව සිට ඇත.
පසුව එම තරුණයා ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මානසික රෝගියකු බවත් නියාගම ගෝනලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, දැනට කරන ලද පරීක්ෂණවලදී පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඇල්පිටිය - ගයාන් ගුණසේකර