සුරූපී රුවැත්තියක බව කියන සැකකාර තරුණිය 21වැනි වියේ පසුවන බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය අමන්දොළුව ප්‍රදේශයේ නේවාසිකාගාරයක තාවකාලිකව රැදී සිටිමින් මෙම මංකොල්ල කෑම් සිදුකරන බව වාර්තාවී තිබේ
ඇය ආඩිඅම්බලම ප්‍රදේශයේ තරුණයන්
එම කාන්තාව විසින් රන් පැළඳ සිටින තරුණයන් පසුපස හඹා යමින් එම තරුණයන් සමග හාදවී පසුව
ඔවුන් සමග සිප ගැනීමට අවශ්‍ය බවට පෙළැඹවීම් ඇති කර ආලෝකය නැති ජනතාව නොගැවසෙන ළඳු කැලෑ ප්‍රදේශයන්ට ගෙන්වාගන්නා බවත්
පසුව ඇය විසින්ම කල් ඇතිව යෙදවූ තරුණයන් දෙදෙනකු යොදවා මේ උගුලට හසුවන තරුණයාගේ ගෙලට තියුණු ආයුධ තබා රන්මාල කොල්ලකෑම සිදුකරන බව මූලික පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
සීදුව පොලිසියට මෙම සිද්ධිය අනාවරණය වී උපාය දූතයකු යොදවා වෙළඳ කලාපය ආශ්‍රිතව ඇවරිවත්ත ප්‍රදේශයේ රැකවලා සිටිමින් වැටලීම කර එම කාන්තාව සහ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ කෙළින්ම කියන්න වැඩසටහන මත ක්ණිකව ලද තොරතුරු ඔස්සේ මෙම වැටලීම සිදුකර ඇත.