කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ මහරගම පාරට යොමුවන විදුලි සංඥා පද්ධතිය අසල රථ වාහන රාජකාරියේ පොලිස් කොස්තාපල් රණසිංහ (78966) මහතා මාර්ග සංඥා නොතකමින් යතුරුපැදියක් ධාවනයේ යෙදෙන අයුරු දැක එය නවතාගෙන ඇත.
යතුරුපැදිකාරිය සිදුකළ වරද පහදා දී ඇයගේ රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටියදී එම තරුණිය කොස්තාපල්වරයා සන්තකයේ තිබූ තාවකාලික රියැදුරු බලපත්‍ර පොත පැහැරගෙන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයක් නවතාගෙන එම ස්ථානයෙන් යෑමට උත්සාහ කිරීමේදී ත්‍රිරෝද රථ රියැදුරු ඇමැතූ කොස්තාපල් රණසිංහ (78966) මහතා
එම අවස්ථාවේදී නැවතත් ත්‍රිරෝද රථ රියැදුරු ඇමැතූ පොලිස් නිලධාරියා ඇයව රැගෙන නොයන ලෙස පවසා අධි පැය රාජකාරියෙහි නිරතව සිටි පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාරනාත් සමරකෝන් මහතාට මෙම සිද්ධිය වහා දුරකථනයෙන් දැනුම් දීමට පියවර ගෙන තිබිණි.
ඒ සමඟම වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා කාන්තා උප පොලිස් පරීක්‍ෂක
ශිරෝමි මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට යවා සැකකාර තරුණිය රැගෙන ඒමට කටයුතු කළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් තරුණිය 26 හැවිරිදි වියේ පසුවන මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර කොහුවල ප්‍රදේශයේ පෞද්ගලික ආයතන නිෂ්පාදන සැලසුම් විධායක තනතුරක නියැළෙන්නියක් බව ද පොලිසිය සඳහන් කරයි.
කොළඹ – එම්.සී. පෙරේරා