https://www.gossiplankanews.com/2019/03/kanchipani-imran-arrested.html#more
සුගියදා ඩුබායිහිදී මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත් පිරිසෙන් කිහිප දෙනෙකු එරට රැඳවුමෙන් ඉවත්කර ලංකාවට පිටුවහල් කර තිබෙන පසුබිමක මධුෂ් සමග හසුවූ ප්‍රධාන පාතාලයෙකු වන කංජිපානි
ඉම්රාන් සහ තවත් තිදෙනෙකු පිටුවහල් කර තිබෙන අතර ඔවුන් අද (28) උදෑසන කටුනායකදී අත්අඩංගුවට පත්වූ බවද වාර්තාවේ.
 කංජිපානි ඉම්රාන් නැතහොත් මොහොමඩ් නජීම් ඉම්රාන් පසුගිය පෙබරවාරි පස්වනදා ඩුබායි හෝටලයකදී පැවති සාදයක් අතරතුරදී පාතාල නායක මදුෂ් සමග

අත් අඩංගුවට පත් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකි.

අද කටුනායකදි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යටතට පත්වීමට පෙර පළා යෑමට සැලසුමක් දියත් කොට තිබෙන බවද පොලිසිය දන්වා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඔහු අද උදෑසන කටුනායක ගුවන් තොටුපලට පැමිණීමෙන් පසු මාලදිවයින බලා යාමට සැලසුම් සකස් කර තිබූ බවයි. කෙසේ වෙතත් කඩිනමින් ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව ගුවන්තොටුපොළේදී සිය භාරයට ගත් බව දන්වා ඇත.

 ඔහු අද උදෑසන 6.20 ට ඩුබායි සිට පැමිණි  ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එල් ඉසෙඞ් 547 දරණ යානයෙන් කටුනායකට පැමිණ  මාලදිවයින වෙත යාමට ගුවන් තොටුපලේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මොහු සමඟ ඩුබායි සිට පිටුවහල් කළ තවත් තුන්දෙනෙකුද කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
මේ වනවිට ඩුබායි අත්අඩංගුවේ පසුවන පිරිස 31 න් 26 දක්වා අඩුවී තිබෙන අතර තවත් අය පිටුවහල්ව ඇතිදැයි නිල ආරංචි ලැබී නැත.

මාකඳුරේ මදුෂ්ගේත් ප්‍රධානියා හැටියට සැලකුණ කංජිපානි ඉම්රාන් සිය ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම මෙහෙයවීමට මදුෂ්ව ලංකාවේ සිට ඩුබායි වෙත ගෙන්වාගත් පුද්ගලයාය. ඔහු ජීවත්ව සිටියේ මදුෂ් සිටි නිවසට යාබද නිවසේ බවටද වාර්තා පළවිය.

මධූෂ්ගේ බොස් කංජිපාන් ඉම්රාන් - මධූෂ්ව ඩුබායි ගෙන්වා ගත් අසල්වැසියා  - අප මින් පෙර ඔහු ගැන සැකසූ වීඩියෝව පහතින්