පොලිසිය කියයි. පොලිස් නිලධාරීන් පිරිසක් ලත් තොරතුරක් අනුව පෙරේදා (20දා) කැන්දලද ප්‍රදේශයේ කසිප්පු වැටලීමකට ගිය අවස්ථාවේ නිවෙසක තිබී කසිප්පු බෝතල් 30ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම නිවෙසේ කසිප්පු වෙළෙඳාම් කරන බව කියන කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිසියට
මේ අතර පවුලේ සාමාජිකයන් පොලිස් පිරිසට සවලකින් හා ගල්මුල්වලින්ද පහරදී තිබේ. මේ අවස්ථාවේ සැකකාරිය නිවෙස පිටුපසට ගොස් කුඩුවක සිටි බල්ලා මුදා හැර උසි ගන්වා ඇති බවද පොලිසිය සඳහන් කරයි. අනතුරුව බල්ලා පොලිසියේ දෙදෙනකු සපා කා ඇත. සැකකාරියගේ පුතා මෙල්ල කිරීමට ගිය පොලිස් සැරයන්වරයකුද මෙහිදී තුවාල ලබා තිබේ. පොලිසිය මහත් පරිශ්‍රමයක් දරා සැකකාරිය හා ඇගේ පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට යොදාගත් පිහි දෙකක්, සවලක් ඇතුළු දේපළද අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියේදී පිහි ඇනුමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයා හා බල්ලා සපා කෑමට ලක්වූ පොලිස් නිලධාරින් දෙදෙනා වතුපිටිවල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන අතර අනෙක් පොලිස් නිලධාරියා මූලික ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවන ගත් සැකකාරිය හා ඇගේ පුතා ඊයේ (21දා)අන්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
-දිනුෂි කේ.එම්.ආරච්චි-