https://www.gossiplankanews.com/2019/03/krishantha-galle-rattaran-incident.html
හසය හැවිරිදි පාසල් දැරියක බරපතල ලිංගික අපයෝජනයකට භාජන කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරන් ඊයේ ඇප මත මුදාහැරිය අතර එලෙස ඔහු මුදාහැරීම කෙතරම් යුක්ති යුක්තදැයි සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබේ. මේ අතරවාරයේ සිද්ධිය සිදුවූ ආකාරය ගැන වැඩිදුර තොරතුරුද
වාර්තාවී තිබේ.
පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ අතවරයට ලක්වූ දැරිය පවුලේ වැඩිමලා වන අතර මන්ත්‍රිවරයා ශාන්තිකර්ම කරන අයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන නිසා ශාන්තිකර්මයක් කරවා ගැනීම සඳහා ඇය මවුපියන්ද සහෝදරයා සහ ඇගේ සහෝදරියකද සමග සැකකරුගේ බටදූවේ නිවසේ පිහිටි දේවාලයට ගිය බවයි. එම අවස්ථාවේ සැකකරු කටයුත්ත බාරගත් බවත් වැඩිමහල් දරුවාගේ සිට පිළිවෙළින් දේවාලයට කැඳවා ඇති බවත්ය.
ඒ අනුව වැඩිමහල් දැරිය දේවාලය තුළ ගිය අවස්ථාවේ ඇයට දෙහි ගෙඩියක් අතටදී ආරූඪවී පිරිමියකුගේ ස්පර්ශ ලබා ඇතිදැයි විමසා

ඇති බවත් පසුව දැරියගේ ශරිරයට විසක් ඇතුළු වී ඇතැයි පවසමින් එය ඉවත් කරන බව පවසා ඇත.
මේ ආකාරයට ඇයගේ විස ඉවත් කරන බව කියමින් සිරුර ස්පර්ශ කරමින් අතවරය සිදු කර ඇත. දැරිය එම පරිශ්‍රයේ තබාගෙන එකම දිනයේ අවස්ථා හතරකදී ඇයට අතවර කර ඇති බවත් 16 හැවිරිදි වයසේ පසුවූ දැරිය එය ශාන්ති කර්මයේම කොටසක් සිතා ඇති බවත් පොලිසිය කියා සිටියි.

ඇගේ රහස් ප්‍රදේශවලින් රුධිරය වහනය වන්නටවූ බවත් පසුව ඇය පෞද්ගලික වෛද්‍යවරියක හමුවී බයිසිකලයෙන් වැටුණ බව පවසා ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් වාර්තා කර තිබේ.
මෙම තොරතුරු මත පොලිසිය එම වෛද්‍යවරියගෙන්ද ප්‍රකාශ ලබාගත් බව අධිකරණයට දැනුම් දෙන ලදි.
මුලින්ම සිද්ධිය ඇය මවට පවසා ඇති අතර මව පියාට පවසා සිටිමෙන් පසු ඔහු කලබලයට පත්ව කට්ටඩි මන්ත්‍රීවරයාගෙන් මේ බව විමසා ඇත.

මෙය හෙළි නොකරන ලෙසත් එය යටපත් කිරීමට අනතුරුව මුදල් ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් පියා පවසා ඇත. කෙසේ නමුත් එය නිසි පරිදි මන්ත්‍රීවරයා ඉටු කර නැත. ඒ නිසා පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ සිද්ධිය පැමිණිලි කරන්නට පියා කටයුතු කර තිබේ.
මන්ත්‍රී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් කියා සිටියේ පොලිසිය කරුණු සඟවා පැමිණිල්ල ඉදිරිපත් කළ බවත් තම සේවාදායකයාගේ චරිතය ඝාතනය කිරීමේ උත්සාහයක් පවතින බවත්ය.
අතවරයට ලක්වූ බව කියන දැරිය සිය පවුලේ පිරිස සමග ශාන්තිකර්මය සඳහා කැඳවාගෙන පැමිණ ඇත්තේ හේමසිරි නමැති අතරමැදියකු වන අතර මන්ත්‍රීවරයාට දුරකතනයෙන් කතාකර සිද්ධිය සමථයකට පත්කිරීමට නම් රුපියල් ලක්ෂ 10ක් සුදානම් කර තබන ලෙස දන්වා ඇත්තේ ඔහු බවද නීතිඥවරුන් දන්වා සිටින ලදි.  දෙපාර්වයෙන් දැක්වුණු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කර වැඩිදුර විභාගය අප්‍රේල් 30 වැනිදාට කල් තැබීය.

සිද්ධිය ගැන පෙර වාර්තාව
හමුදා සෙබළෙක් කට්ටඩියෙක් මන්ත්‍රි කෙනෙක් වූ ක්‍රිෂාන්ත දේවාලේ කපුකම් කරන අතර දැරියට හෙළූ බැල්ම