ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ්ගේ පුංචි අම්මා බව කියන සූරියවැව හත්පෝරුවේ පදිංචි අබේසේකර විජේසේකර ශ්‍රියානි නැමැත්තිය පසුගිය මාර්තු14 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු
කරමින් ඉල්ලා සිටියේ මාකඳුරේ මධුෂ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විශේෂ කාර්ය බළකාය සහ රහස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවත්,

ඔහු අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා  සිටින බවත්ය.
අද මෙම නඩුව විභාගයට ගත් අවස්තාවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 126 දෙක ව්‍යවස්ථාව අනුව පෙත්සම්කාරියට මාකදුරේ මධූෂ් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නීතිමය අයිතියක් නොමැති බවට නීතිපතිවරයා අද මූලික විරෝධතා ඉදිරිපත් කළ අතර එය අධිකරණය පිළිගනු ලැබීය..

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උදර්පන නීතියක් නොමැති බව දක්වමින් මෙම තර්කය ඇය නීතීඥවරුන් මගින් ගොනු කර තිබුණි. මාකඳුරේ මධුෂ්ගේ මව මියගොස් පියා වෙනත් කසාදයක් කරගත් පසු ඔහු හැදී වැඩී තිබුනේ මේ කියන පුංචි අම්මා ළඟය.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස විශේෂ කාර්යා බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ටී.එෆ්.ලතීෆ් මහතා ඇතුළු පස් දෙනෙකු නම් කර තිබුණි.