කියමින් සිටියදී ඉකුත් 12 වැනිදා
රුධිරයේ නාළයක ලේ කැටියක් සිරවීමෙන් සිදුවූවක් බවට කන්තලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඒ.එම්.ටී.පී.
අතපත්තු මහත්මිය ඒ පිළිබඳව පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ප්‍රකාශ කර සිටියාය.
මෙලෙස මියගොස් ඇත්තේ කන්තලේ ආරියවංශ මාවතේ පදිංචි ඩබ්.ඩී.එම්. ලාලනී දිසානායක (42) නම්
දෙදරු මවකි. වලිප්පුව සෑදී අසාධ්‍යව සිටි දරුවා හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කොට ප්‍රතිකාර ලබා
දීම සඳහා වෛද්‍යවරුන් සූදානම් වී මවගෙන් සිද්ධිය විමසීමේදී මව ක්ලාන්තව බිම ඇද වැටී එකෙනෙහිම
මිය ගොස් ඇති අතර දරුවා මේ වන විට නිවසේ පියා සමඟ සිටින අයුරු අපට දැකගත හැකිය.
කන්තලේ මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පො.සැ. ටියුබට් (26675) මහතා පරීක්ෂණ
මෙහෙයවයි.
කන්තලේ - ඩබ්ලිව්.එම්. වික්‍රමසිංහ