https://www.gossiplankanews.com/2019/03/nadeemal-what-said-in-katunayake.html
අද (27) උදෑසන ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල්කර මෙරටට පැමිණීමෙන් පසු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම් සදහා රඳවාගනු ලැබූ ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සවස 3 ට පමණ මුදා හැර ඇති අතර එසේ රඳවා ගනු ලැබූ බන්ධනාගාර නියාමකවරයා වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී තිබේ.
අද උදෑසන 6.15 ට ෆ්ලයි ඩුබායි යානයකින් පැමිණි නදිමාල් උදේ 6.45 සිට සවස 2.45 පමණ දක්වා පැය 8 ක පමණ කාලයක් කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේදී ප්‍රශ්න කිරීම් වලට ලක්වූ අතර
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී නදීමාල් පැවසූ කරුණු වලින් කොටසක් පමණක් මාධ්‍ය වෙත හෙළි කර තිබුණි. නදීමාල් පවසා තිබෙන පරිදි ඔහුගේ පියා වන අමල් පෙරේරා සමග ඔහු පසුගිය පෙබරවාරි 3 වනදා ලංකාවෙන් ඩුබායි බලා පිටත්ව ඇත්තේ සත්‍ය ලෙසම මාකඳුරේ මදුෂ්ගේ ආරාධනයකට එම සාදයකට යන බව දැනුවත්වය.
තමා සහභාගි වන්නේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයකට බවට මෙරටින් ඩුබායි රාජ්‍ය වෙත
පිටත්ව යාමට පෙර දැන සිටි බවත් එහිදී කොටු වෙයි යයි අපේක්ෂා නොකළ බවත් ඔහු පවසා ඇත.
 අදාළ සාදය මාකඳුරේ

මධූෂ්ගේ බවට සිය පියා වන අමල් පෙරේරා මෙරටදී තමන්ට දැනුම් දුන් බවත් කියා ඇති ඔහු තමා පිරිස සමග සිරගතවීම බලාපොරොත්තු නොවූ දෙයක් ලෙස සඳහන් කර ඇත.
කෙසේ වෙතත් එදින සාදයේදී තමන් මත්ද්‍රව්‍ය භාවිත නොකළ බවත් ඒ ගැන එහිදී කළ පරීක්ෂණවලදී තහවුරුවීම නිසා තමාව අතෑර දමනු ඇතැයි විශ්වාස කළ බවත් කියා ඇත.
ඒ අනුව ඩුබායි බලධාරීන් තමන්ව පිටුවහල් කිරීමට පියවර ගනු ලැබුවේ අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබු නිසා බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
24 වන වියේ පසුවන නදීමාල් පෙරේරා සහ 52 හැවිරිදි ලලිත් කුමාර නමැති බන්ධනාගාර නියාමකවරයා මෙරටට පැමිණියේ ෆ්ලයි ඩුබායි ගුවන් සමාගමට අයත් එෆ් - Z547 දරන යානයෙන් වන අතර තමන්ව පිටුවහල් කළ පසුව තමන් සහ ලලිත් කුමාරට ලංකාවට ඒමට මුදල් නොතිබූ නමුත් ඒ ගැන සොයා බලන්නට මාකඳුරේ මධුෂ්ගේ වර්තමාන බිරිය කටයුතු කළ බවත් ඇය මුදල් වියදම් කර ගුවන් ටිකට්පත් සැපයූ බවත් ඔහු කියා ඇත.

දිවයිනට පැමිණීමෙන් පසු පැය 08කට ආසන්න කාලයක් නදීමාල් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ප්‍රශ්න කළ

පසුව ඔහුව මුදා
හැරුණේ පස්වරු 03 ට පමණයි.
 ලලිත් කුමාර නැමති බන්ධනාගාර නියාමකවරයා නිදහස් නොකර තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන්නට පොලිසිය කටයුතු කර තිබුණි. ලලිත් පැවසූ දේවල් තවම අනාවරණය කර නැත.

නදීමාල් කටුනායක ගුවන්තොටුපළ ඇතුලේ කාමරයක රඳවාගෙන ප්‍රශ්න කිරීම පැය 8 ක් තිස්සේ සිදුවෙද්දී ඒ ගැන රටේම මාධ්‍ය වලින් ආරංචි පැතිර ගිාය නමුත් ඔහු පැමිණි බව ආරංචි වී ඔවුන් වෙනුවෙන් ඩුබායි ගිය බවට පසුගියදා ප්‍රකාශ කළ නීතීඥ ශාබ්දික හෝ සොහාන් හෝ පවුලේ කිිසිවෙකු ඔහු කැටුව යාමට ගුවන් තොටුපළට නොපැමිණි අතර ඔහුගේ  මිතුරන් යයි සැකකළ හැකි තරුණයින් දෙදෙනකු වාහනයක් කුලියට ගෙන ඔහු කැටුව යාමට පැමිණ තිබුණි.
මේ අතර දහවල වන විට නදීමාල් අමල් වෙනුවෙන් තමා ඩුබායි ගිය බවට විවිධ ආරංචි ගෙන ආ නීතීඥ උදුල් ප්‍රේමරත්න පැමිණ පෙර කී මිතුරන් දෙදෙනා සමග කතාබහේ සිටිය නමුත් පිටතට පැමිණි නදීමාල් ඔහුවද නොදුටු සේ වේගයෙන් මිතුරන් දෙදෙනා සමග ඇවිදගොස් වාහනයේ නැගී නිවසට ගියේය. නීතීඥ උදුල් නදීමාල් යනුවෙන් හයියෙන් කෑගැසුවත් ඔහු උදුල්ව ගණනකට නොගෙන ඇවිද ගියේය.

ගුවන් තොටුපල පරිශ්‍රයෙන් නදීමාල් පිටතට පැමිණෙන තුරු දිගු වේලාවක් එතැන රැඳී සිටි මාධ්‍යවේදීන් ඔහු එලියට එද්දී අදාළ සිදුවීම පිළිබඳව විවිධ ආකාරයට ප්‍රශ්න කළ නමුත් 'මේ වෙලාවේ මුකුත් කියන්න බෑ..' 'මයින්ඩ් යුවර් අවුන් බිස්නස්'(තමන්ගෙ වැඩක් බලාගන්න) ආදී ලෙස මයික්‍රෆොන මගහරිමින් නදීමාල් පිටතට ගියේය.
නදීමාල් ගිය පසුව එලෙස නදීමාල්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය පළ කරමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න මාධ්‍යවේදීන්ට කියා සිටියේ 'ඇයි එයා සල්මන් කාන්ද ඔයාල එයා පස්සෙ ගිහින් ප්‍රශ්න අහන්නෙ.. එයාගෙ අතේ කිසිම වැරැද්දක් නෑ.. ගියේ සල්ලිදුන්න නිසා සිංදු කියන්න එච්චරයි' ලෙසිනි.