නිසා මේ වන විට පුද්ගලයින් 49 දෙනෙක් මිය ගොස් ඇත.
ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදි එක් දේවස්ථානයක් තුල බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් ඇතුළුව 500කට ආසන්න පිරිසක් සිට ඇති අතර අනෙක් දේවස්ථානයේ සිටියේ පනහක් පමණ සුළු පිරිසකි.
සුළු පිරිසක් සිටි
28 වියෙහි පසුවන ඕස්ට්‍රේලියානු ජාතික Brenton Tarrant ලෙස ඔහු හඳුනාගෙන තිබේ. ඔහු වීඩියෝව අතර තම මුහුණද පෙන්වා සිටීම විශේෂත්වයකි.
මොහු තනිව එල්ල කළ මෙම වෙඩි වරුසාව පුද්ගලයින් 30 කට ආසන්න පිරිසකට වදින අයුරු වීඩියෝවේද සටහන්වේ.
ප්‍රහාරයේ මුලික ඉලක්කය වී තිබෙන්නේ වන්දනාමාන කරන බැතිමතුන් ය.
මෙම ප්‍රහාරය අප්ලෝඩ් කරන ලද වෙබ් අඩවි වල ඔහු ඊට හේතු දක්වමින් පිටු 74ක ප්‍රකාශනයක් පවා මුදාහැර ඇති අතර එහිදි ඔහු කියා සිටින්නේ මෙය ඉස්ලාම් ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ එකක් බවට පෙනියන මුත් ඊට වඩා එහා ගිය අරුතක් මේ තුල ගැබ්වි ඇති බවයි. ඒ සංක්‍රමණික නිතියේ පවතින ගැටළු, ජාතිවාදය සහ සංස්කෘතික ගැටළු මෙම ප්‍රහාරයට හේතුවු තවත් කරුණු බව ඔහු සිය ප්‍රකාශනය මගින් හෙළිකර තිබේ.
‘මා නවසීලන්තයට පැමිණියේ ප්‍රහාරයක් එල්ල කිරිමට සිතා ගෙන නොවෙයි.එහෙත් මට පසුව තේරුම් ගියා මාගේ සැලසුමට හොඳම ස්ථානය මේ රට කියා. ඒ අනුවයි මම අද ප්‍රහාරය
සතුයි‘ප්‍රහාරකයා සිය ප්‍රකාශනයේ සටහන් කර තිබේ.
එමෙන්ම මෙම සිදුවීම නිසා පිරිමි තිදෙනෙක් සහ එක් කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙයි.මීට අමතරව නගරයේ අටවා තිබූ බෝම්බ කිහිපයක් ද නිශ්ක්‍රීය කළ බව නවසීලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.
මෙම සිදුවීම නිසා පොලිසිය විසින් ඒ අසල සිටි මිනිසුන්ට නිවෙස් තුලම රැදී සිටින ලෙසට දන්වා තිබෙන අතර මේ පිළිබදව නවසිලන්ත පොලිස් කොමසාරිස්තුමන් වන Mike Bush විසින් පවසා තිබෙන්නේ මෙම වෙඩි තැබීම නිසා ජිවිත හානි රැසක් සිදු වී තිබෙන බවටත් මුස්ලිම් පුද්ගලයින්ට අද දින පල්ලි වලට තම ආගමික කටයුතු කිරීමට නොයන ලෙසටත් දන්වා තිබෙන බවටයි .
ඒවගේම නවසිලන්ත අගමැති Jacinda Ardern මෙම සිදුවීම පිලිබදව ප්‍රකාශ කර තිබෙන්නේ අද සිදුවූ වෙඩි තැබීම් එරට අඳුරුතම දිනයක් සලකුණු කරන බවටයි .
ඔහු වෙඩි තැබීම සිදු කිරීමට පෙර යුධ ඇදුමකින් සැරසි යුධ තොප්පියක් ද පැළද let's get this party started යනුවෙන් ප්‍රකාශකර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන වීඩියෝවමේ වනවිට අන්තර්ජාලයෙන් ඉවත් කර ඇත.