රට පුරා සියලු ප්‍රදේශවල විටින් විට විදුලිය විසන්ධි කෙරුණ ද කොළඹ නගරයේ විදුලිය කැපීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

පෞද්ගලික ආයතන හා කර්මාන්තශාලාවල
තිබෙන විදුලිජනක යන්ත්‍ර භාවිත කර විදුලිය ජනනය කරන්නැයි විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙන  අතර එමගින් මෙගාවොට් 50ක පමණ විදුලි ජනනයක් සිදුවන බව ද එම නිසා කොළඹ නගරයේ විදුලිය කැපීමක් කිරීමට අවශ්‍ය නොවන බව ද ලංවිම ප්‍රකාශකයෙක් පැවැසීය.

පෞද්ගලික විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කර විදුලි ජනනය කරන ආයතනවලට ඒකකයකට  රුපියල් 36ක් බැගින් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරයි.

-රංජන් කස්තුරි-