සිසුන් සඳහා රුපියල් 500ක
මෙම වැඩසටහන යටතේ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන් දෙවන අධ්‍යයන වර්ෂයේ දී තෝරා ගත් වෘත්තීය විෂයකට අදාළව ජාතික වෘත්තීය කුසලතා(NVQ)4 මට්ටමේ සහතිකය ලබා දීමට අනුමැතිය ඇති වෘත්තීය පුහුණු ආයතනයකින් අධ්‍යාපනය ලැබිය යුතුව ඇති අතර මෙවැනි වෘත්තීය පුහුණු ආයතන එක් ස්ථානයක පමණක් පිහිටා තිබීම හේතුවෙන් ඇතැම් සිසුන් ප්‍රවාහන හා නේවාසික පහසුකම් සලසා ගැනිමේ දී අධික පිරිවැයක් දරිමය්ට සිදුවන බව වාර්තා වෙයි.
එම නිසා පාසල් හරහා ආයතන ගත වන සිසුන් සඳහා ප්‍රවාහන හා අනෙකුත් වියදම් ආවරණය කර ගැනීමට රුපියල් 500 ක දෛනික දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින්ය.