https://www.gossiplankanews.com/2019/03/pc-dies-maharagama.html#more
ම රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන ඊයේ මහරගම පොලිසියේ නිලධාරියෙකු මියගියේ අනියම් පෙම්වතියක සමග ඇතිවූ බහින්බස්වීමකින් පසු ඇය ඉදිරිපිට පොලිස් ආපන ශාලාව පිටුපසදී බව මේ වනවිට තොරතුරු වාර්තාවේ.
ඔහු අනියම් ඇසුරක් පවත්වමින් සිටි බව කියන බත්තරමුල්ලේ පදිංචි විවාහක කාන්තාව
එදින පොලිසියට පැමිණ
ඇත්තේ මෙම පොලිස් නිලධාරියා තවත් කාන්තාවක සමග පෙම් සබඳතාවයක් පවත්වන බවට චෝදනාවක් කරමිනි.
කොස්තාපල්වරයා පැමිණි කාන්තාව සමඟ රථ වාහන අංශය තුළ කතා බස් කරමින් සිට ඉන් අනතුරුව ආපනශාලාවට ගොස් යළි කතාබස් කරමින් සිට ඇති අතර පසුව දෙදෙනා අතර

බහින්බස් වීමක්ද සිදුව තිබේ. කොස්තාපල්වරයා එම කාන්තාවට පහර කිහිපයක්ද එල්ල කර ඇති බවක්ද නිරීක්ෂණය වී ඇත. අනතුරුව දෙදෙනාම ආපනශාලාව පිටුපසට ගොස් ඇති අතර මඳ වේලාවකට පසුව කොස්තාපල්වරයා සිය රාජකාරි ගිනි අවියෙන් විවාහක කාන්තාව ඉදිරිපිටදී වෙඩි තබා ගෙන ඇත.

මීට වසරකට පමණ ඉහතදී මෙම කොස්තාපල්වරයා තලංගම පොලිසියේ සේවය කරමින් සිටියදී බත්තරමුල්ලේ වාසය කරන මෙම කාන්තාව දැන හඳුනාගෙන අනියම් සබඳතාවක් ආරම්භ කර තිබී ඇත.

අනතුරුව ඔහු මහරගම පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු ලෙස මාරුවක් ලබාගෙන තිබෙන අතර මියගිය කොස්තාපල්වරයා තලංගම පොලිසියෙන් මහරගම පොලිසිය වෙත මාරු කර එවීමට මෙම අනියම් සබඳතාව හේතු වී ඇත.
මෙම ප්‍රශ්න නිසා ඔහු එම කාන්තාවගෙන් තරමක් දුරස්වී ඇත. නව සබඳතාවයක් ඔහු අරඹන්නේ මේ කාලයේය.


බත්තරමුල්ල  කාන්තාවගේ විවාහක සැමියා මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින්නකු බවත් බූස්ස කඳවුරේ පුනරුත්ථාපනය ලබන්නකු බවත් පොලිසිය කියයි.
මියගිය කොස්තාපල්වරයා එම කාන්තාව සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යන අතරවාරයේදී වෙනත් කාන්තාවක් සමඟ සබඳතාවක් පවත්වන බවට එම කාන්තාවට දැන ගැනීමට ලැබී ඊයේ ඒ පිළිබඳව විමසමින් සිටියදී කොස්තාපල්වරයා මෙම කාන්තාව ඉදිරිපිටදී මෙලෙස වෙඩි තබාගෙන ඇති බව මේ වනවිට තහවුරුවී තිබේ.

මෙලෙස දිවිනසාගෙන ඇත්තේ අනුරාධපුරය - තලාව දිසානායන මුදියන්සේලාගේ මනෝජ් දිසානායක (29) නමැති අවිවාහක නිලධාරියෙකි.
ආපනශාලාව පිටුපසට ගොස් සිය රාජකාරි ගිනි අවියෙන් විවාහක කාන්තාව ඉදිරිපිටදී වෙඩි තබා ගැනීමත් සමග ඔහු ඇදවැටී ඇත.
සිද්ධිය වූ වහාම එම ස්ථානයට පැමිණි සෙසු පොලිස් නිලධාරීන් බරපතළ තුවාල ලබා බිම වැටී සිටි කොස්තාපල්වරයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන යන අතරවාරයේ මියගොස් ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුවේ.