මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය
මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුවේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළුවලට ඉහලින් කෘතිම වැසි රසායන ද්‍රව්‍ය ඉසිමිනි.
 වලාකුළු මතින් පියාසර කර විනාඩි 45 කාලයක් කෘතිම වැසි ඇති කිරිම සදහා වලාකුළු මත රාසායනික ද්‍රව්‍යය මුදා හැර ඇත.
විදුලි බල ඇමති රවී කරුණානායකගේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් මෙම කටයුත්ත සිදු කර ඇත.
1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ මෙවැනි ව්‍යපෘතියක් මින් ඉහත සාර්ථකව සිදු කර ඇත.

ඡායාරූප - රංජිත් රාජපක්ෂ