දොඩංගොඩ පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මනෝජ් චන්දික සිල්වා නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයායි.
දොඩංගොඩ කහඳගොඩ ප්‍රදේශයේ අවමඟුල් නිවෙසකට මිතුරන් සිවුදෙනකු සමඟ මුදල් ඔට්ටුවට බූරු ගැසීමට පැමිණි නෑබොඩ වෙල්ලත ප්‍රදේශයේ පුද්ගලයකු පෙරේදා (27දා) අලුයම
සිදුවූ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනකුගේ සාක්කි සටහන් කර ගත් දොඩංගොඩ පොලිසිය සිද්ධියට පැමිණි බව කියන සැකකාර මන්ත්‍රිවරයා හා පිරිසෙන් සිවු දෙනකු මෝටර් රථයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙම පහරදීම හා කොල්ලකෑම මුදල් ආරවුලක් මත සිදු කර ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. පැමිණිලිකරු සැකකාර මන්ත්‍රිවරයාගෙන් ලබාගත් මුදල් වගයක් ලබා නොදී පැහැරහැරීම මෙම සිද්ධියට හේතු වී ඇතැයි පොලිසිය කියයි.
මෙම කොල්ලය සඳහා පැමිණි බව කියන තවත් මෝටර් රථයක් හා තවත් පුද්ගලයන් කිහිපදෙනකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බව පවසන පොලිසිය එම පිරිස අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. සැකකරුවන් කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-එම්.සී. පෙරේරා-