https://www.gossiplankanews.com/2019/03/rathgama-murders-update.html
ටේ ආන්දෝලනයක් ඇති කරමින් රත්ගම දී පැහැරගෙන මරාදැමුණ බවට මේ වනවිට තොරතුරු හෙළිවී තිබෙන ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් පළමුවේන පැහැරගත් බව කියන ව්‍යාපාරිකයා පහරදීමෙන් මිය ගිය පසු එම පිරිස අතර සිටි පොලිස් නිලධාරියෙක් උසස් පොලිස් නිලධාරියකුට දුරකතන ඇමතුමක් ලබාගෙන
උපදෙස් ලබාගෙන තිබෙන බවට මේ වනවිට තොරතුරු හෙළීව ඇත.
එම තොරතුරු මත හෙළිදරව්වන්නේ අනෙකාවද මරා දමා මේ ආකාරයට ඝාතන සඟවන්නට ඒ කියන ප්‍රධානියා එම අවස්තාවේ නියෝග කළ බවකි.
මේ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත විමසීමට මේ වනවිට

විමර්ශන පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
 මේ අතර මෙම පරීක්ෂණය අතරතුර පැනනගින තවත් ගැටලුවක්වී ඇත්තේ ව්‍යාපාරිකයන් දෙදෙනා  පැහැරගත් දිනයේම රත්ගම පොලිසියට සහ සහකාර පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කර තිබෙන බවට සටහන්ව ඇතත් ඒ ගැන විමර්ශනයක් සිදු නොවීමයි. ඒ ගැන ද සැක සහිත බවත්,

ඉහළ පොලිස් නිලධාරියකුගේ බලපෑම මත සති තුනක් යන තුරු පැහැර ගැනීම ගැන කිසිදු විමර්ශනයක් සිදු නොවන තැනට වැඩ සලසා අතුරුදන් අයගේ නිවැසියන්ට බොරු කීමට උගැන්වූයේ කවුද යන්න ගැනත්  සොයා බලන බව වාර්තාවේ.

රත්ගම දී ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය ජනවාරි 23 වැනි දා ය. ඊට සතියකට පමණ පෙර දකුණේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියකුගේ සාදයකට මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් මස් සහ මාළු ලබාගෙන ඇති බවටද

මේ වනවිට කරුනු හෙළිව ඇත.

ඒ ආකාරයේ කුළුපගකමක් පැවතීම මත මේ ආකාරයට පැහැරගෙන ගොස් මරාදැමීම හුදෙක් අවි ආයුධ ජාවාරමක් ගැන කරුනු සෙවීමක් නොව පුද්ගලික පලිගැනීමක කොටසකැයි හෙළි කරන කාරණා බවට පත්ව ඇත.

පැහැර ගැනීමෙන් සති තුනකට පමණ පසු එම පැහැර ගැනීම ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශයට පැවරුණු අතර එම අංශයෙන් කළ පරීක්ෂණවල දී අනාවරණය වූයේ රත්ගමින් පැහැරගත් තරුණයන් දෙදෙනා අක්මීමන ගොනාමුල්ලේ නිවසකට ගෙන ගොස් මරා දමා පසුව වලස්මුල්ලේ රක්ෂිතයකට ගෙන ගොස් පුළුස්සා දැමූ බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහත්වරුන්ගේ උපදෙස් පිට මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා ඇතුළු පිරිසක් විමර්ශන සිදු කරති.