අනතුර වෙලේගොඩ දුම්රිය හරස් මාර්ගයේදී සිදුවිය.
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියට එන මෝටර් රථය දැක යතුරුපැදියක පැමිණී තරුණියන් දෙදෙනකු කෑගසා දුම්රිය එන බව කීවද මෝටර් රථයේ රියැදුරුට ඇසී නැත. පසුව එම තරුණයන් අතින් එන්න එපා කියා කියනවාත් සමඟ මෝටර් රථය රේල් පාර මතට පැමිණ තිබේ. ඒ සැණින්ම දුම්රියේ ගැටී මීටර් විස්සක් පමණ දුරට විසිවී ඇත. එම අනතුරෙන් මෝටර් රථය පැදවූ ධම්මික කුමරප්පෙරුම යන අය එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව තිබේ. වාහනයේ පැමිණි ඔහුගේ දියණිය සහ බිරියගේ අක්කාගේ ස්වාමිපුරුෂයා තුවාල ලබා මේ වන විටත් රෝහලේ ප්‍රතිකාර ලබයි. මෙම ස්ථානයේ අනාරක්ෂිත
ස්ථානයක් බැවින් අදාළ වගකිවයුතු කිසිවකු එකොළොස්වන අනතුර සිදුව ඇති මේ මොහොතේත් දුම්රිය ආරක්ෂිත ගේට්ටුවක් ලබා දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
-උදය කුමාර රණවීර-